IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


චීන යානය සඳට ගොඩබැහැලා

සඳෙන් පස් සාම්පල ගෙන ඒමේ අරමුණින්, චීන විද්‍යාඥයන් සඳට යැවූ රොබෝ යානය සාර්ථකව ස‍ඳට ගොඩ බෑවේය.

'චැංග් ඊ 6' යනුවෙන් නම් කළ මෙම රොබෝ යානය ගොඩබෑවේ සඳේ අඳුරු කලාපයටය. සඳේ අඳුරු කලාපය යනු සැමවිටම පෘථිවියට පිටුපා ඇති අඳුරු කොටසය. මෙම අඳුරු කලාපය තවමත් විද්‍යාඥයන්ට අබිරහසකි. 

'චැංග් ඊ 6' සඳට ගොඩබෑවේ අද (2) චීනයේ වේලාවෙන් උදේ 6.23 ටය. පෙර සැලැසුම් කළ පරිදි, යානය ගොඩබෑවේ ඇපලෝ යන නමින් නම් කළ ආවාටයටය. 

චීනය මීට පෙර අවස්ථා දෙකකදී සඳට රොබෝ යානා සාර්ථකව ගොඩබස්සා ඇති නමුත්, සඳුගේ අඳුරු කලාපයට රොබෝ යානයක් ගොඩබැස්සූ පළමු අවස්ථාව මෙය වෙයි.

චීන අභ්‍යවකාශ ආයතනය, 'චැංග් ඊ 6' සඳට ගොඩබස්සවා, පස් සාම්පල ලබා ගෙන, එම රොබෝ යානයට ආපසු පෘථිවියට ගෙන්වා ගැනීමට ද සූදානම් වෙයි. පස් සාම්පල එකතු කිරීමට රොබෝ අතක් යානයට සම්බන්ධ කර ඇත.

පස් සාම්පල රැගෙන ආපසු පෘථිවියට පැමිණීමේ මෙම මෙහෙයුම සාර්ථක වුවහොත් එය අභ්‍යවකාශ ගවේෂණයේ දී චීනය ලබන සුවිශේෂී ජයග්‍රණයක් වනු ඇතැයි ද පැවැසෙයි.

චීනයේ 'ලොංග් මාච්' රොකට්ටුවේ ආධාරයෙන්, 'චැංග් ඊ 6' සඳ ගමන ආරම්භ කළේ පසුගිය මැයි 3 වැනිදාය. 

සඳට මිනිසුන් යැවීමට සමත් වූ එකම රට ඇමෙරිකාවය. සඳට රොබෝ යානයක් යවා පළමුවෙන් පස් සාම්පල ගෙන්වා ගැනීම කළේ සෝවියට් දේශයයි.

චීනයේ මෙම මෙහෙයුම සාර්ථක වුවහොත්, සඳෙන් පස් සාම්පල පෘථිවියට ගෙන්වා ගන්නා තෙවැනි රට වනු ඇත්තේ චීනයයි.

මේ වනවිට චීනය ඔවුන්ටම කියා පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ නැවැතුම්පොළක් ද ඉදි කරමින් සිටී. 2030 දී චීනය සඳට ගගනගාමීන් යැවීමටත්, ඉන්පසු සඳ මත ගගනගාමීන් පදිංචි කිරීමටත් සූදානම් වෙයි.

(එන්.ඩී.ටීවී)



අදහස් (2)

චීන යානය සඳට ගොඩබැහැලා

Kazi Shajahan Sunday, 02 June 2024 02:16 PM

මචං පුළුවන් නම් බලාගෙන එන්න. මෙහෙන් අපේ කෙනෙකුත් ඇති අපේ රාජපක්ෂ පුතෙක් එවපු, කොහේද තියෙන්නේ කියලා...!

:       1       8

ජගත් ලියනගේ Sunday, 02 June 2024 05:15 PM

ඔය රොකට් එකේ චිචී කියලා ගහලා තිබුණේ නැත්ද?

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පාඨලීගේ පෙත්සම විසි වෙයි
2025 මැයි මස 09 168 0

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ


‘‘ඉන්දු පකිස්ථාන ගැටුම්වලට අපේ ගුවන බෑ‘‘
2025 මැයි මස 09 166 0

ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය


රැකියා අවස්ථා නංවන්න ලෝක බැංකුවෙන් සහාය
2025 මැයි මස 09 41 0

මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව


පාකිස්තාන ප්‍රහාරයකින් ඉන්දියානුවන් 16ක් මරුට
2025 මැයි මස 09 425 0

පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්


දැරිය පැහැර ගන්න හැදු සැකකරු රඳවාගන්න අවසර
2025 මැයි මස 09 101 0

කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත


මාස හතරට ඝාතන 29ක්
2025 මැයි මස 09 66 0

කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1219 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 305 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1336 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site