IMG-LOGO

ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුරක් වෙල් යායක

(එම්.සුසිල් ප්‍රියන්ත සහ ඩී.ජේ.විජේසිංහ)

පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කරන ලදැයි සැක සිතිය හැකි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (9) අලුයම් කාලයේදී පිටිගල කරව්ව වෙල්‍ යායේ දමා තිබියදී සොයාගත් බව පිටිගල පොලීසිය කියයි.

මෙසේ සොයා ගනු ලැබූවේ පිටිගල මන්නගොඩ පදිංචි නිහාල් අතුකෝරළ නමැති පනස්හත් හැවිරිදි තිදරු පියෙක් බව පොලීසිය සඳහන් කරයි.

මිය ගිය තැනැත්තා ඊයේ (8) රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති බවත් ඔහු මත්පැන් පානය කරමින් සිටින අවස්ථාවේදී ඇතිවූ කතාවක් දුර දිග යාමෙන් පසු ඔහුට පිරිසක් පොලු මුගුරුවලින් පහරදී ඝාතනය කොට මේ වෙල් යායේ දමා යන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.

මිය ගිය අය රාත්‍රී නිවසට නොපැමිණීම පිළිබදව සොයා බැලීමේදී ඔහුගේ සිරුර කරව්ව වෙල් යායේ තිබියදී හමුවී ඇති බවත් ඒ පිළිබදව තමන්ට දැන්වීමෙන් පසු ඔහුගේ සිරුර සොයා ගත් බවත් පොලීසිය කියයි.

වෙල් යායේ තිබියදී සොයා ගැණුනු මේ පුද්ගලයාගේ සිරුරේ පොලු මුගුරුවලින් පහරදුන්නේ යයි සිතිය හැකි තුවාල ද දක්නට ලැබෙන බවත් පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (9) පැවැත්වීමට නියමිතය.

 



අදහස් (0)

ඝාතනය කළ පුද්ගලයකුගේ සිරුරක් වෙල් යායක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 543 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site