(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගුවන් යානා කටුනායක ගුවන් තොටුපොළට ගොඩබෑමේ ගාස්තු වසරක් දක්වා සියයට 50 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
මේ තීරණය ගුවන් සමාගම්වලට දැනුම් දුන් බවද ඔහු සඳහන් කළේය.
මත්තල ගුවන් තොටුපොළට වැඩි ගුවන් යානා ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් ඒ අනුව පළමු අවුරුදු හතරේදී ගුවන් සමාගම්වලට සහන රැසක් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසුවේය.
පළමු අවුරුද්දේදී ගාස්තුවලින් සියට සීයක් අතහරින්නත් දෙවෙනි අවුරුද්දේදී සියයට 50 ක් අතහරින්නත් සැලසුම් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
මීට අදාළ නියෝග මැතිසබයට ඉදිරිපත් කරන බවද අමාත්‍යවරයා කීවේය.
නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙසේ පැවසුවේ සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය.
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් අට දෙනකු මියගොස් තවත් 37දෙනකු තුවාල ලබා ඇතැයි පො
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.
ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ගුවන් යානා ගොඩ බැස්සවීමේ ගාස්තු අඩකින් බස්සයි
Sampath Tuesday, 06 June 2023 06:13 PM
ඕක මහ තේරුමක් නැති වැඩක්... එක දිගට අවුරුදු 03ක් ආවොත් 4 අවුරුද්ද නොමිලේ දෙන්නම් කියන්න තිබුණේ නැද්ද? දැන් අතින් කාලා හරක් බලලා ඒ බරත් ජනතාවට දෙන්න හදන යෝජනාවක් මේක...
චන්දන Tuesday, 06 June 2023 08:22 PM
ඒවා අඩුකරලා අපේ මාංශ හූරගෙන කාපල්ලා.
Bamunuarachchi Thursday, 08 June 2023 06:40 AM
මේ මොන ගොබ්බයෙක්ද? මේ නිසා රටට වෙන වාසිය පෙන්නන්නේ නැහැ බඩ ගොස්තරය තමයි ලොකු. පිනට කන්න දෙනවා නම් රටට හෙන ගැහුවත් කමක් නැහැ.