
(ටී.කේ.ජී.කපිල)
කටුනායක ගුවන් තොටුපළෙන් ඉන්දියාවේ මදුරෙයි බලා අද (28) පස්වරුවේ පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05 ක කාළයකට පසුව යානයේ කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බෑමකට ලක් කර ඇති බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය.
මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත එයා බස් - 321 නියෝ වර්ගයේ ගුවන් යානයක් වන අතර මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 41 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු ගමන් කර තිබේ.
මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් මදුරෙයි බලා පස්වරු 02.02ට පිටත් වූ අතර, එම ගුවන් යානය විනාඩි 05ක ගුවන් ගත වීමකින් පසුව යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත පස්වරු 02.07 ගොඩ බස්වා තිබේ.
මේ වනවිට ගුවන් මගීන් සහ කාර්යය මණ්ඩලය ගුවන් යානය තුළ රදවා ගෙනම , ගුවන් යානයේ අලුත්වැඩියා කටයුතු කරන බව ද පැවසීය.
මෙම ගුවන් යානය යළිත් ඉන්දියාවේ මදුරෙයි වෙත ගුවන් ගන්නා නිශ්චිත වේලාවක් ගුවන් තොටුපළ විසින් ප්‍රකාශයට පත් කර නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවනට නැංවූ පසු විනාඩි 5 කින් ගොඩබාන්න බෑ. ගොඩබෑවේ පස්වරු 2.23ට... ලෙඩේ දැනගත්තේ විනාඩි 5 කින්...
මන්නාරමෙන් ඉන්දියාවට යන්න බෝට්ටු සේවයක් දාන්න...