IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ගුරුවරියට අමුතු පාඩමක් කියා දුන් ශිෂ්‍ය හිමිට ඇප

(නිමන්ති රණසිංහ)

අන්තර්ජාලයෙන් පන්ති පැවැත්වූ තම ගුරුවරියගේ හිසට වෙනත් අසභ්‍ය ඡායාරූපයක් එක්කර වට්ස්අප් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් අඹිලිපිටිය ප්‍රදේශයේ සාමනේර හිමිනමක රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (18) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදා හැරුණු ඇඹිලිපිටිය සූරියකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක දාහත් හැවිරිදි සාමනේර හිමිනමකි.

මෙම සැකකාර බාලවයස්කාර සාමනේර හිමිනම අන්තර්ජාලයෙන් අමතර පන්ති මෙහෙයවන ලද ගුරුවරියක කෙරේ හිත බැදී ඇති බවත් ඒ සම්බන්ධයෙන් හිමිනම ඇයට ඒ බව ‘වට්ස්ඇප් සමූහයට‘ දැනුම් දී ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මේ සම්බන්ධයෙන් එම වින්දිත ගුරුවරිය කරන ලද පැමිණීල්ලකට අදාළව විමර්ශනයක් සිදුකිරීමෙන් පසු සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

 



අදහස් (8)

ගුරුවරියට අමුතු පාඩමක් කියා දුන් ශිෂ්‍ය හිමිට ඇප

බද්රානි Tuesday, 18 October 2022 10:03 PM

අවුරුදු දාහතට ඔය වගේ වැඩක් කළා නම් ඉතින් අනාගතයේදී මොවුන්ගෙන් සමාජයට වෙන හානිය අමුතුවෙන් ලියන්න ඕනා නැහැනේ. අනිවාර්යයෙන්ම පුනරුත්තාපනය කල යුතුයි. මෑත කාලයේ සමාජයේ අලජ්ජි ලෙස හැසිරෙන අවිනීත අය නිසා ඇතිවූ සමාජ ව්‍යසනයට කවුද වග කියන්නේ? මට නම් හිතෙන්නේ මේ විදිහට ගියොත් අනාගතයේදී මේ රට මීටත් වඩා විනාශයට පත්වෙන එක වලක්වන්න බැහැ.

:       48       17

හිරේ සැප Tuesday, 18 October 2022 10:20 PM

චීවරයට නිගා කරන මේවගේ අයට ඇයි ඇප....?

:       3       38

කිරිපුතා Tuesday, 18 October 2022 10:21 PM

වග කිව යුතු ගරු මහා සංඝරත්නය කටයුතු කරාවියැයි සිතමු. අරහත් ධජයට මහත් නිගාවකි. ඉදිරියේ දී සසුන කෙලෙසීමට කරයුතු කරනු ඇති.

:       2       38

ලසන්ත Tuesday, 18 October 2022 10:37 PM

සූරියකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයේ කිව්වම මම අහල නැහැ එහි විහාරයක් තියෙනවා කියලා එය අලුතින් ඇතිකල එකක් වෙන්න පුළුවන් නැත්නම් ඉතින් දෙනියාය පාරෙන් ඉහළ තිබෙන තැනක් නම් මුදාහල කෙනා සසුනට සුදුසු නැහැ.

:       2       41

chandima Wednesday, 19 October 2022 12:24 AM

අම්මපා සාමනේර වෙලා ඔහොමනම් තව පහු උනා නම්..?

:       11       15

Kiri putha Wednesday, 19 October 2022 07:16 AM

කා අතිනුත් සුළු සුළු වැරදි වෙනවා.

:       18       5

ලසන්ත Wednesday, 19 October 2022 11:12 AM

තමුන් සාමනේර උන්නාන්සේගේ අප්පොච්චිද ඔහොම කියන්නෙ කා අතිනුත් වැරදි වෙන්න පුළුවන් කියලා සිවුරක් ඇදගත් කෙනෙකුට එහෙම කරන්න බැහැ ඔය ප්‍රදේශවල නිවාස ඉතාමත් අඩුයි තියෙන්නෙ සිංහරාජයේ වනාන්තරය ඉතින් දානයක් අරගෙන යන කණ්ඩායමේ ලස්සන ගැහැනු ළමයෙක් දැක්කොත් ඒ සාමනේර තැන මොනවා නොකරයිද

:       1       3

ලුම්බිණි Wednesday, 19 October 2022 10:44 AM

බවුන් වඩන්නට පින් මදි වෙන්නැති ඒකයි මේ නන්නත්තාරේ

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 37 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 364 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1530 4

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2631 2

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1070 1

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 495 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1359 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 351 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site