IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ගිලන් රථයෙන් මුව මස් ඇද්ද ආරක්ෂකයෝ මාට්ටු

(නිමල් ජයරත්න)

යුද හමුදාවට අයත් ගිලන් රථයකින් මුවමස් කිලෝ තුනක් ප්‍රවාහනය කරමින් සිටි රියදුරු ඇතුළු ලාන්ස් කෝප්‍රල් සෙබළුන් දෙදෙනකු  පොහොයදා දහවල් මාදුරුඔය උද්‍යානයේදී අත්අඩංගුවට ගත් බව මාදුරුඔය වනජීවිී කාර්යාලය සඳහන් කරයි.

සැකකරුවන් මාවනාගම යුධ හමුදා කඳවුරට අයත් ලාන්ස් කෝප්‍රල් වරුන දෙදෙනකු වන අතර ඔවුන් දෙදෙනා දෙහිඅත්තකණ්ඩිය පොලිසියට භාරදීමට කටයුතු කල බව මාදුරුඔය උද්‍යාන භාරකරු ඩී,එස්. ජයසෝම රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.

මාදුරුඔය හෙනන්නේගල සිට මාවනාවෙල යුද හමුදා කදවුර දක්වා මුවමස් ප්‍රවාහනය කර ඇති අතර මීට පෙරද ඔවුන් ගිලන් රථයෙන් මස් ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී බවත්, මේ පිළිබඳ හෙනන්නේගල වනජීවි කාර්යාල තොරතුරු ලැබීමත් සමග ඔවුන්  කළ මෙහෙයුමකින් ගිලන්රථය සහ මුව මස් සමග සැකකාර සෙබළුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද ජයසෝම රත්නායක මහතා කීවේය.

 



අදහස් (4)

ගිලන් රථයෙන් මුව මස් ඇද්ද ආරක්ෂකයෝ මාට්ටු

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 08 November 2022 08:56 AM

හමුදාවේ ඇතැම් අය අහිංසක මුවන් මරා ගිලන් රථ වලින් හමුදා කඳවුරු වලට මුවමස් ප්‍රවාහනය කරනවා.මේවා මේ පොඩි අය පමණක් කරනා වැඩ නෙමෙයි.මේවා ඇතැම් ඉහළ අයත් සම්බන්ධව මනා ලෙස සංවිධානය කළ දේවල්. මේ දේවල් මෙට පෙර සිටම කෙරෙන්නට ඇති. මුවමස් ගෙනගොස් තිබෙන්නේ,හමුදා කඳවුර තුළට හා එහිම ගිලන් රථයකින්.පොලීසිය ළමයින් පිළිස්සූ කතාවක් ද තිබුණා.ඒත්, කෝ මේ ආරක්ෂක ඇමති,පොලිස්පති හා හමුදාපති වරුන්. වගකිවයුතු අංශ තද නින්ඳේ.වහා අවධි වන්න.

:       1       7

ganegoda Tuesday, 08 November 2022 12:35 PM

එකනෙ හිටපු ගමන් ඔවුන්ගෙ පවුල්පිටින් නැති වෙලා යන්නෙ !

:       0       3

Isuru Tuesday, 08 November 2022 12:23 PM

පුහුණුවෙන් පස්සේ ඔය වැද්දෝ කොහොමත් ලේ පිපාසිතයි. මුන් අවුරුදු 22ක සේවය කරලා අයින් කරද්දී පුනරුත්ථාපනය කරන්න ඕනේ.

:       0       3

Chandi Tuesday, 08 November 2022 12:51 PM

යුද හමුදාව මේ වගේ වැඩ කරනවා ද? ඒක තමයි හක්ක patas හදන අයට හොරෙන් support කරන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 56 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 395 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1595 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2682 4

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1108 4

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 502 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site