(සිරංගිකා ලොකුකරවිට සහ ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මාසය එකහමාරක් වයසැති බිළිඳකු කොරෝනා ආසාදනය වී මියගිය බව තහවුරු වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ රංග සභාපතිගේ මහතා පවසයි.
ඇල්පිටියේ, වල්අඹගල, ඉහළගහවත්ත පදිංචි දෙව්මිණි කුමාරි නමැති මවකට උපන් මේ දරුවා උපතින්ම හෘද රෝගී තත්වයක් සහ තවත් සංකූලතා ඇතිව උපත ලැබූ දරුවෙකි.
මැයි මස 17 වැනි දා දරුවා ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර නිව්මෝනියා තත්වයක් වැළදී ඇති බව තහවරු කරගත් වෛද්‍යවරු එම දරුවා ළදරු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළහ.
එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී දරුවාගේ පටක සාම්පල වෛද්‍ය පර්යේෂණායතනය වෙත යොමුකර ඇති අතර එහි දී තහවරු වූයේ දරුවාට කොරෝනා ආසාදනය වී ඇති බවයි.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 24 වැනි දා දරුවා මියගියේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගාල්ලේ දරුවෙක් කොරෝනාවෙන් මරුට