IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගුවන් යානා තුනක් ප්‍රමාදයකින් ගුවන් තොට උණුසුම්

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා කටුනායක  ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පරුෂ වචනයෙන් සිදු කෙරෙන බැන වැදීම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි යැයි බව පවසමින් අද(25 )  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් තාවකාලිකව සේවයෙන ්ඉවත් වූ බව  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පැවසීය .

මෙම තත්වය " ගැලකට අධික ලෙස බර පැටවු විට , එම ගැලෙහි ගවයාට තවදුරටත් ඇදගෙන යා නොහැකි වූ විට , එම ගවයා එතැනම ඉද ගැනීමකට " සමාන බව ජනක විජයපතිරත්න පැවසීය .

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශාල සේවක හිගයක් පවතින බවත් , මේ වනවිට අත්දැකීම් සහිත පරිනත සේවකයින් විශාල වශයෙන් රට හැර ගොස් වෙනත් විදේශීය ගුවන් සේවාවන් සමග එක් වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය .

මේ නිසා තම වෘත්තීය සමිතිය මෙම ගැටළුවලට විසදුමක් ලෙස කඩිනමින් අත්දැකීම් සහිත පරිනත සේවකයින් ශ්‍රී ලන්කන් වෙත බදවා ගන්නා ලෙසත් , දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානාවලට ගැලපෙන පරිදි නව ගුවන් ගමන් කාළසටහනක් සකස් කරන ලෙසත් ඉල්ලා සිටින බව ජනක විජයපතිරත්න පැවසීය . එමගින් ගුවන් ගමන් අවලංගු වීම් සහ ප්‍රමාද වීම් වලක්වා ගැනීමට හැකි බව ද හෙතෙම පැවසීය .

 

 



අදහස් (8)

ගුවන් යානා තුනක් ප්‍රමාදයකින් ගුවන් තොට උණුසුම්

sam Sunday, 25 February 2024 09:02 PM

සංචාරකයින් පැමිණෙනුයේ ඔවුන්ගේ සතියක හෝ දෙකක නිවාඩුව ගතකර නැවත ආපසු යාමේදී ඔවුන්ට අවශ්‍ය නැවත වෙලාවට ඔවුන්ගේ රටට පැමිණීමට වේ. එයට හේතුව නම් ඔවුන් නැවත ඔවුන්ගේ රැකියාවන් වෙත යාමට අවශ්‍ය නිසාවෙනි. එමනිසා ඔවුන්ගේ කාලය ඔවුන්ට වටිනේය. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්වෙමින් තිබීම නිසා ලංකාවට පැමිණෙන සංචාරකයින් වෙනත් ගුවන් සේවා තෝරාගැනීමක් සහ නැවත ඔවුන් ලංකාවට පැමිණීම සිදු නොවීම අවසාන ප්‍රතිඵලය බවට පත්වීම වැළැක්වීමට බලධාරීන් නිසි අවශ්‍ය පියවර ගත යුතුවේ. මේ ආකාරයට ප්‍රමාද වීම සහ අවලංගු වීම සිදු වුවහොත් ගුවන් සේවය පුද්ගලීකරණය කිරීම වැළැක්විය නොහැකියි...!

:       1       1

Lalla Sunday, 25 February 2024 09:19 PM

ඕක තවදුරටත් මොනවාට තියාගෙන ඉන්නවාද? වීකුණලා දාලා ඉවර කරන්න...

:       0       1

Nimal Sunday, 25 February 2024 09:47 PM

ගුවන් සේවය කා දැමුවා...

:       0       0

Prabha Sunday, 25 February 2024 11:16 PM

සේවකයින් අලුතින් ගන්නවට වඩා හොඳයි ඕක විකුණලා දාන්න.

:       0       2

Janahitha Monday, 26 February 2024 12:10 AM

පණ්ඩිත කතා වැඩක් නැහැ අමාරුවෙන් හරි වැඩක් දීලා රටේ නම බේරා ගනිව් .සූරා කනකම් නිහඩව සිටි සැවොම ඉවත් විය යුතුය

:       1       0

Perera Monday, 26 February 2024 03:23 AM

ඔච්චර ප්‍රශ්න ගොඩකට මැදිවෙලා ඉද්දී ඕකේ සභාපති බුදිද ?

:       0       1

ගජමිතුරු Monday, 26 February 2024 05:41 AM

කවුරු කොහොම කිව්වත් දේශපාලන පක්ෂවල සාමාජිකයින්ගේ වෘත්තීය සමිති නිසා රටේ කඩාකප්පල් ක්‍රියාවන් සිදුවෙනවා. තමුන්ගෙ වෘත්තීය කටයුතු වලට වඩා දේශපාලන පක්ෂයේ කටයුතු කරන මිනිස්සු නිසා රටේ බංකොලොත් බව ඇතිවෙනවා එනිසා දේශපාලන පක්ෂ වලට සම්බන්ධ වෘත්තීය සමිති සම්පූර්ණයෙන්ම තහනම් කල යුතුය

:       0       1

ප්‍රියනන්දන Monday, 26 February 2024 07:33 AM

හොඳ වැඩේ උඹලා වගේ කාලකණ්ණින්ට ගෑස් බහින්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site