
(ටී.කේ.ජී.කපිල )
කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු , හොරෙන් විවෘත කර , ඒවා තුළ ඇති භාණ්ඩ සොරා ගත් ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංගනයේ සේවය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු මීගමුව , තිඹිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ , කටුනායක ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංශයේ සේවය කරන්නෙකි .
මොහු ඉකුත් 23 දින මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 314 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන්ගේ ගමන් මලු , ගුවන් තොටුපොළ ගමන් මලු අංගනය වෙත රහසිගතව ඇතුළු වී , එහි තිබූ ගමන් මලු හොරෙන් විවෘත කර , ඒවා තුළ තිබූ භාණ්ඩ සොරා ගන්නා ආකාරය , එහි සවි කර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතිය තුළ සටහන් වී තිබේ .
මෙම කැමරා දර්ශන නිරීක්ෂණය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විමර්ශන අංශයේ නිලධාරීන් මොහු පිළිබඳ තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත ලබා දීමෙන් පසු මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ .
2025 දෙසැම්බර් මස 30
133
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
756
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගුවන් මගීන්ගේ බෑග්වලට විද්ද සේවකයෙක් මාට්ටු