IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගුවන් නියමුවාගේ බෑගය සොරාගත් ගෘහ සේවිකාව අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )

අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය  විසින් අද(29) පැය 03 ක් වැනි කාළයක් තුළ දී  අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .

මෙම ගුවන් නියමුවා 40 හැවිරිදි කොලොම්බියානු ජාතිකයෙකි . ඇය වත්තල , හුණුපිටිය ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි ගෘහ සේවිකාවකි .

ඇය  අද(29 ) උදෑසන 08.38 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 392 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමෙන් අනතුරුව , සියලුම ගුවන් මගීන් , තම ගුවන් යානයෙන් බැස ගිය පසු ,ගුවන් නියමුවා ඇතුළු කාර්යය මණ්ඩලය ගුවන් යානයෙන් පිටතට පැමිණ තිබේ .

පසුව ඔවුන් ගුවන් තොටුපොළ නිශ්කාශන කටයුතු නිමා කර , ඔවුන් සිය ගමන් මලු රැගෙන , ගුවන් තොටුපොළෙන් පිටතට යාමට සුදානම් වනවිට , ගුවන් නියමුවාගේ ගමන් බෑගය නොමැති බව අනාවරණය වී තිබේ .

 

           

 



අදහස් (3)

ගුවන් නියමුවාගේ බෑගය සොරාගත් ගෘහ සේවිකාව අත්අඩංගුවට

Sarath Dassanayake Tuesday, 29 October 2024 09:36 PM

වැරැද්දක් විය හැකියි.

:       0       2

sam Wednesday, 30 October 2024 09:43 AM

හොයලා බැලුවානම් සුනාමි ආධාර හොරා කාපු එවුන්ගේ හරි මහබැංකු හොරා කාපු එවුන්ගේ හරි නෑදෑයෙක්ද කියලා

:       5       5

Bunny Preena Wednesday, 30 October 2024 01:55 PM

ඩුබායි ඉඳලා තව මොන මොනවා හොරකම් කරලා යාළුවන්ට පොලුතියලා ඇවිල්ලාද දන්නේ නෑ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site