(ජේ.කේ.එල් චාමින්ද)
ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් හෙට(28) සිට සිය රාජකාරි කටයුතුවලින් ඉවත්ව වෘත්තිය ක්‍රියාමාර්ගයක් ගැනීමට තීන්දුකොට ඇති බැව් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාල්ල දිස්ත්‍රික් ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි.
ගාල්ල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති පවුසල් නියාස් මහතා විසින් ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බ්‍රර්ටම් සිල්වා මහතා බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් ලිඛිතව සමාව ඉල්ලා සිටියයුතු බවද ඒ මහතා පවසයි. මේ සම්බන්ධයෙන් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 26 වැනිදින දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සාකච්ඡාවක් පැවති බවත් එම සාකච්ඡාව සදහා නියෝජ්‍ය නගරාධිපතිවරයා නොපැමිණිම නිසා එයද ආසාර්ථක වු බවත් ඒ මහතා පවසයි.
කෙසේවුවද මෙම ගැටළුව විසදාලීම සදහා දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරුන් විසින් කරණු ලබන කැපවීමට ගරුකිරීමක් වශයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් කොරෝනා මර්ධන කටයුතුවල නිරතවන බවද හෙතෙම පවසයි. ආණ්ඩුකාරතුමා සමග පැවති සාකච්ඡාවේදි රජයේ නිලධාරින්ගේ වෘත්තිය ගරුත්වයට හා ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටළුකාරි තත්වය නිසා උප නගරාධිපතිවරයා නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් සමාවගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මගින් ඉල්ලා සිටි බවද වෛද්‍ය මංජුල ද සොයිසා මහතා පවසයි. එමෙන්ම ගාල්ල මහනගර සභාවේ ස්ථාපිත කොට ඇති සෞඛ්‍ය අංශය වෙනත් ස්ථානයක ස්ථාපිත කළයුතු බවත් ගාල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනාට එම ස්ථානයේ සිට කොරෝන මර්දන කටයුතු කළ හැකි බවට මෙම සාකච්ඡාවේ දි ඉල්ලිමක් කළ බවද ඒ මහතා පවසයි. ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් නගර සභාවෙන් පිටත වෙනත් ස්ථානයක සෞඛ්‍ය ඒකකය ස්ථාපිත කිරීම සදහා ස්ථානයක් සොයා බලමින් සිටින බවද ඒ මහතා පවසයි.
ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් දෙදෙනා තවදුරටත් නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සේවයට වාර්තා නොකර සිටීමට තීන්දුකොට ඇති බව බවද හෙතෙමෙ පවසයි. 28 වැනිදින රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලු දිස්ත්‍රික් ශඛාවේ සියලුම ශාඛා සංගම්, සමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වන විශේෂ සාකච්ඡාවේදි කරාපිටිය රෝහලඇතුල ගාල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල් සෞඛ්‍ය ආයතන මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට සහයෝගය දක්වන අයුරු සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවද ඒ මහතා පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගාලුදිස්ත්‍රික් විධායක කමිටු විශේෂ සාකච්ඡාවේ දි මෙම තිරණවලට එළඹුන බවද හෙතෙම පවසයි.වෘත්තිය ක්‍රියාමාර්ගය පිළිබද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ද දැනුවත් කොට ඇති බවද ඒ මහතා සදහන් කරයි.
හිටපු ජනාධිපතිවරුන්ට මෙතෙක් ලබා දී තිබූ දුරකතන හතරෙන් තුනක්ම ඉවත් කර ඇත. මේ අනුව හිටපු ජනාධිපතිවරයකුට දැනට හිමිවන්නේ එක් දුරකථනයක් පමණි.
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගාල්ලේ සෞඛ්‍ය නිලධාරීහු වෘත්තිය ක්‍රියාමාර්ගයකට සැරසෙති
rangeeth Sunday, 27 December 2020 04:54 AM
බැන්නේ කවුද? නගරාධිපති.., ස්ට්‍රයික් කරන්නේ දොස්තරලා. ඛෙහෙත් නැති වෙන්නේ කාටද? කොහෙවත් ඉන්න අසරණ දුප්පත් මිනිස්සුන්ට... නගරාධිපති නම් ඛෙහෙත් ගනියි පුද්ගලික ඉස්පිරිතාලවලින්... අර මිනිස්සු කොහෙන් ගන්නද? දැන් තේරෙනවද උගත්කමයි, බුද්ධියයි කියන්නේ දෙකක් කියලා...
shaan Sunday, 27 December 2020 06:09 AM
පොහොට්ටුවේ ගොන් තඩියෙක් වෙන්න ඇති... ඒ නිසා අපේ සර් බේර ගන්නවා... අවුලක් නැහැ !!!