IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගිලන් රථ නැතිව දඹුල්ලේ කොරෝනා රෝගීන් නිවෙස්වල

(කාංචන කුමාර ආරියදාස)

දඹුල්ල නගර සභා සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේවල කොවිඩ් වයිරසය ආසාදිත වූ පුද්ගලයන් තිස්හත් දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථාන රැගෙන යාම සදහා ප්‍රවාහන පහසුකම් නොමැති කමින් නිවෙස්වලට වි සිටින  බව දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා පවසයි.

දඹුල්ල හින්මොරගොල්ල, දඹුලුගම, නවපාදෙණිය,ආදී ප්‍රදේශවල මෙන්ම නගර සභා බල ප්‍රදේශයෙන් පිට පුද්ගලයන් දෙදෙනකුද මෙයාකාරයෙන් දින දෙකක පමණ කාලයක සිට ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට සිටින බව නගරාධිපතිවරයා කියයි.

දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරීක්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ මෙම වයිරසය ආසාදිත වූ පුද්ගලයන් කඩිනමින් ප්‍රවාහනය කිරීම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටියද ගිලන්රථ නොමැතිවීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බවයි .

නිවෙස් වල සිටින එම පුද්ගලයින් දඹුල්ල සති පොල භූමියට සීගිරිය රෝහලේ ගිලන් රථයෙන් රැගෙන විත් කෙසේ  බස් රථයකින් එම කණ්ඩායම් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළේය .

 



අදහස් (6)

ගිලන් රථ නැතිව දඹුල්ලේ කොරෝනා රෝගීන් නිවෙස්වල

දොලේවත්ත Friday, 30 April 2021 03:25 AM

ගිලන්රථ මොන මඟුලකටද? ඕනෑතරම් ප්‍රභූ රථ තියෙන්නේ... ඒකම මදිද?

:       17       27

සමිත සේනක අලුත්ගමගේ. Friday, 30 April 2021 03:34 AM

සැබෑ තත්ත්වය මෙහෙමයි. ඒත්, රජවාසල සමහර ඇත්තන් කෑ මොර දුන්නේ, ඔක්සිජන් ඕනෑතරම් තියෙනවා ඕනෑම තත්ත්වයකට සූදානම් කියලා. බොරු කතා...

:       22       30

Banda Friday, 30 April 2021 04:20 AM

දඹුල්ලේ ජනක බණ්ඩාර තෙන්නකෝන් සිසිරගේ ගෙදරට අරන් යන්න...

:       4       29

Mihira Friday, 30 April 2021 06:21 AM

අපි තමා හොදටම කරෙ කිව නෙද රනිල් ගෙනාපු ගිලන් රථ නොතිබෙන්න බලන්න තිබුණා හොදටම කරන හැටි

:       11       9

kamal Friday, 30 April 2021 10:27 AM

බොරුවට තමන්ගේ වැරැද්දට මොන හෝ ආණ්ඩුවකට බනින්න එපා මේ රෝගය සාදා ගත්ත හැමෝම තමන්ගේ වරදින්ම හදාගත්ත එකයි. රටේ සැබෑ තත්වය දැනගෙන තමන්ගේ සෞඛ්‍ය රැකගන්න බැරි මෝඩ රැළක්. දැන් පේනවාද කොහොමද 69 ලක්ෂයක් හදා ගැනීම කොයි තරම් ලේසිද කියලා?

:       26       14

fairoosSunday, 02 May 2021 07:57 AM

කමල්ටත් ලොන්ඩරියක් කරන්න සුදුසුකම් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site