(වසන්ත චන්ද්‍රපාල, ෂේන් සෙනෙවිරත්න සහ එච්.ඒ.ඩී ඥාණසිරි)
ගම්පොළ දවුලගල ප්‍රදේශයේදී පැහැරගත් 18 හැවිරිදි පාසල් සිසුවිය අම්පාර ප්‍රදේශයේ බස නැවතුමක සිටියදී පැහැරගත් සැකකරු ද සමග පොලිස් බාරයට ගත් බව පොලිසිය කියයි.
පැහැර ගැනීමට ලක් වූ සිසුවිය සහ පැහැරගත් පුද්ගලයා කල්කුඩා ප්‍රදේශයේ හෝටලයකද නවාතැන් ගෙන සිටි බවට කරුණු අනාවරණය වී ඇති බවත් එම සිසුවියගේ කිසිදු විරෝධතාවයක් නොමැතිව පැහැර ගත්පුද්ගලයා සමග හෝටලයට පැමිණෙන අයුරු හෝටලයේ සීසීටීවී දර්ශනවලින් නිරීක්‍ෂණය වූ බව මහනුවර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම පැහැර ගැනීම සිදුකිරීම සඳහා භාවිතා කළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ සිසුවියගේ කිසිදු අකැමැත්තක් හෝ විරෝධතාවයක් නොමැතිව වෑන් රථයේ ගමන් කළ බවයි.
කෙසේ නමුත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇති බවත් පැහැරගෙන යාම සහ කප්පම් මුදල් ඉල්ලීම් යන චෝදනා යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරන බවද එම ඉහළ පොලිස් නිලධාරියා පැවසීය.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ගම්පොළින් පැහැරගත් සිසුවිය අම්පාරෙන් අල්ලයි
බකල ජයා ද කිඩ්නැපර් Monday, 13 January 2025 11:17 AM
සිසුවියගේ පවුලේ අයව මරාදමන බවට තර්ජනය කරල, ඇයව පාලනය කෙරුවද කියල බලන්න. පවුලේ අයට කරදරයක් වෙයි කියල බයට සමහර වින්දිතයින් මෙහෙම හැසිරෙනවා. ටෲ ක්‍රයිම් ස්ටෝරීස් වල මෙවැනි සිදුවීම් ඕනතරම් බලන්න පුළුවන්. ඇයගේ ජීවිතයට හානියක් වෙයි කියල කියන හැමදේටම එකඟ වුනා වෙන්නත් පුළුවන්. පරීක්ෂණක් කරල නිගමනයකට එන්න, උගත් පොලිස් මහත්වරුනී.
රම්බොඩ Monday, 13 January 2025 11:33 AM
පරිණත නොවූ සැළසුමක් වගේ. . පැනලා ගිහින් ජීවත් වෙන්නත් දෙමාපියන් ගෙන්ම සල්ලි ගන්නයි හදලා තියෙන්නේ. පේන විදිහට පිරිමියා අපතයෙක් වගේ. ඒ නිසා ගැහැනු ළමයගෙ අනාගතය දුක්ඛ දයෙක විය හැකියි. මේවා හොඳ පාඩම් තරුණ ගැහැණු දරුවන්ට. පරිස්සමෙන් තීරණ ගන්න ඕන. වැරදුණොත් ආයෙ හදාගන්න බැරිවෙනවා.
ජිල්බුMonday, 13 January 2025 01:43 PM
මොකක්ද මොකක්ද මේ වැරදුනොත් ආයෙ හදන්න බෑ කියන්නෙ? ගල් යුගේද තාම ඉන්නෙ?
Lalla Monday, 13 January 2025 12:23 PM
කෙල්ලගේ සැලැස්මක්... දෙමාපියන්ගෙන් කොල්ලකාල කොල්ල එක්ක යන්න ගහපු සැලසුම වෙන්න බැරිද ? දැන් බාගෙට වැඩිය කෙල්ලෝ දෙමාපියන්ට කොකා පෙන්නගෙන ඉන්නේ...
ජිල්බු Monday, 13 January 2025 01:45 PM
ෂර්ලොක් බොන්ඩ්, මේ ටිකට ඔක්කොම හොයාගත්ත නේද?
dasun Monday, 13 January 2025 01:11 PM
"මේ වගේ සිදුවීම්වලට නඩු අවසන් වන තෙක් ඇප ලබා ගත නොහැකි ලෙස නීති සංශෝධනය කල යුතුය."
ජිල්බු Monday, 13 January 2025 01:56 PM
දසුන් මටත් යෝජනාවක් තියෙනවා. "ඇප" වගේ ලඟින් යන වචනෙ ඒව ලාච්චුවෙ දාන්න යෝජනා කරනව.
Business Monday, 13 January 2025 03:37 PM
අනිවා