IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


ගම්පොළ තරුණියක් දින පහක් තිස්සේ අතුරුදහන්

(සුරංග රාජනායක)

සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100 ගිය  තරුණියක දින පහක් තිස්සේ අතුරුදහන්ව ඇතැයි ගම්පොල පොලිසය පවසයි.

ගම්වැසියන් හා ගම්පොල පොලිසිය ඇය සොයා ගම්පොළ වැලිගල්ල ඇල්පිටිය මහවැලි ගඟ ඉවුර ඇතුළු කැලෑබද ප්‍රදේශවල මෙහෙයුමක් අරඹා තිබේ.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි ෆාතිමා මුනවුවරා නමැති තරුණියයි.

ඇය ගෙලිඔය නගරයේ ඖෂධ හලක සේවය කරන බව ඇගේ සොහොයුරා වන මොහොමඩ් ඉම්රාන් පවසයි.

නිවසේ සිට යන අයුරු ඇල්පිටිය පල්ලියේ ඇති සීසීටීවී කැමරාවල ඇගේ රුව අවසන් වරට සටහන් ඇති අතර ඉන් එහා තිබෙන එවැනි කැමරාවල හෝ ඇය දුටු අය මෙතෙක් හමු නොවූ බව මෙම සොහොයුරා පවසයි.

ෆාතිමාගේ මව වන සිත්ති සාහිරා පවසන්නේ ඇය සේවය කරන ස්ථානයට යාම සඳහා පසුගිය ඉරිදා නිවසින් පිටත් වූ බවයි. බස් ගාස්තු ලෙස රුපියල් සියයක මුදලක් පමණක් තමාගෙන් ඉල්ලා ගෙන ඇය ගිය බවත් ඈ තමා හෝ කිසිවෙකු සමග අමනාපයක් නොමැති බවත් මේ මව පවසයි.

 



අදහස් (4)

ගම්පොළ තරුණියක් දින පහක් තිස්සේ අතුරුදහන්

Bunny Preena Thursday, 11 May 2023 01:23 PM

සල්ලාලයො ටිකක් එයව පැහැරගෙන ගියාවත්ද ?

:       0       7

CK.Lankaputhra Thursday, 11 May 2023 02:31 PM

ස්ත්‍රීන්ට මහා අපල කාලයක්. රටේ පිරිහීම මීට වගකිව යුතුයි.

:       0       10

prasanna Thursday, 11 May 2023 02:49 PM

මෙහෙම ගියොත් ලංකාවෙ ගැහැනුන් වඳවෙලා යවෙ. ඩයිනසෝල වගෙ...

:       0       12

විදේශිකයා Friday, 12 May 2023 04:36 PM

මේ හැමදේකටම වග කියන්න ඕනෑ රට පාලනය කරන අය. නීතිය බල්ලට ගිහින්... නීතියක් කියලා දෙයක් නෑ.. නීතියට බය නෑ කවුරුවත්ම... එක කොන්ද පණ තියෙන එක පාලකයෙක් ඇවිත් මරණ දඬුවම නියම කරා නම් හරි.. ඒත් ඉතින් ඔවුන් කරලා තියෙන වැඩ නිසා... ඉස්සර වෙලා ඔවුන්ව එල්ලා දමයි කියලා බයයි. අනේ මොනවා වුණත් ගැහැණු උදවියගේ ආරක්ෂාව නම් බිංදුවයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 306 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 832 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1260 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site