
(තිලකරත්න දිසානායක)
කිරිබත්ගොඩ රෝහල් කාර්ය මණ්ඩලයෙහි හත් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු ඇති බවත් එම රෝගීන් රාගම රෝහලෙහි ප්‍රතිකාර ලබන බවත් සෞඛ්‍ය අංශ පවසයි.
ගම්පහ රෝහලේ දී කොරෝනා ආසාදිතයන් පස් දෙනකු මේ වන විට ප්‍රතිකාර ලබන අතර මාස කීපයක් වසා දමා තිබූ කොරෝනා වාට්ටුවල ප්‍රතිකාර කටයුතු යළි ආරම්භ කර ඇතැයි ද රෝහල් ආරංචි මාර්ග කියයි.
පසුගිය දිනවල ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා මරණ දෙකක් වාර්තා වන බව සෞඛ්‍ය අංශ කියයි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා පැතිරීමේ අවදානමක් පවතින බැවින් හදුන්වාදී ඇති සෞඛ්‍ය හුරු පුරුදු අනුගමනය කළ යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පෙන්වා දෙනු ලබයි.
මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගෙන් කළ විමසිමේදී සදහන් කර සිටියේ, ඉන්ප්ලුවැන්සා වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීම ඉතා වැදගත් බවත් ජනතාව වැඩි වශයෙන් සිටින ස්ථානයන්හි ගැවසෙන අවස්ථාවල මුව ආවරණ පැළඳීම සුදුසු වන බවත්ය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහ යළි කොරෝනා අවදානමක්