
(තිලකරත්න දිසානායක සහ ටෝනි කරුණා නායක)
විවිධ නඩු සම්බන්ධයෙන් ඇප ලබාදී මහර රක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවන් නිදහස් නොකිරීමට විරෝධය පළ කරමින් අද (18) පෙරවරුවේ ගම්පහ අධිකරණ පරිශ්‍රය ඉදිරිපිටදී එම සැකකරුවන්ගේ ඥාතීන් නිහඬ විරෝධතාවයක නිරත වූහ.
සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.
විරෝධතාකරුවන් පුවරු ප්‍රදර්ශනය කරමින් අධිකරණය ඉදිරිපිට විරෝධතාවයේ නිරතව සිටි අතර ඔවුන් අත තිබූ පුවරුවල, "රැඳවියන් කොවිඩ් 19 න් බේරනු " , රැඳවියන්ට වධ හිංසා කිරීම වහා නවතනු " , "ආහාර පාන බෙහෙත් සහ සනීපාරක්ෂක පහසුකම් කප්පාදුව නවතනු " ආදී වශයෙන් සදහන් කොට තිබිණි.
මෙම අවස්ථාවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති නීතීඥ සේනක පෙරේරා සහ එම සංවිධානයේ ප්‍රධාන ලේකම් සුදේශ් සිල්වා යන මහත්වරුන්ද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගම්පහ අධිකරණය ඉදිරිපිට විරෝධතාවක්