IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගම්පහත් සූදානම්

(තිලකරත්න දිසානායක)

දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ සියලු කටයුතු සූදානම් බව දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී, ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා සදහන් කළේය.

මෙම මැතිවරණය සඳහා 2024 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට ඡන්දදායකයින් 18,81,129 දෙනෙකු සුදුසුකම් ලබා ඇති බවත් මින් මැතිවරණ රාජකාරී වෙනුවෙන් 14 වෙනි දින කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් 54,622 දෙනෙකු තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටි බවත් තේරීම් බාර නිලධාරී වරයා පැවසීය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1212 කදී ඡන්දය ප්‍රකාශ කිරීම සිදු කෙරෙන අතර ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදු කිරීම වේයන්ගොඩ පත්තලගෙදර සියනෑ අධ්‍යාපන පීඨය , විද්‍යාලෝක විද්‍යාලය , නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලය සහ වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලය යන පරිශ්‍ර හතරකදී සාමාන්‍ය ඡන්ද මධ්‍යස්ථාන 194 කදී සහ තැපැල් ඡන්ද මධ්‍යස්ථාන 30 කදී සිදු කෙරෙනු ඇත.

මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම 14 වෙනි දින මධ්‍යම රාත්‍රිය පමණ වන විටත් පළමු සාමාන්‍ය ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීම පසුදා අලුයම වන විටත් නිකුත් කිරීමට හැකිවනු ඇති බවත් දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීවරයා සඳහන් කළේය.

දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරීන් සදහා නිලධාරීන් 25,000 ක් සහ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරීන් 4800 ක පමණ පිරිසක් යෙදවීමට පියවර ගෙන ඇති බවද තේරීම් බාර නිලධාරී ලලින්ද ගමගේ මහතා කීය.

 



අදහස් (0)

ගම්පහත් සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site