IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

 2024 පාර්ලිමේන්තු  මහා මැතිවරණය වෙනුවෙන්  ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා  අද (13) සිට    (15) දක්වා  කොළඹ ගිනි  නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අලංගු කර ඇතැයි ප්‍රාදේශීය ගිනි නිවීම් නිලධාරී රෝහණ නිශාන්ත  සේනානායක මහතා පැවසීය

ඒ අනුව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානය  මෙන්ම, හෙට්ටියවත්ත , ගෑන්ඩ්පාස්,  වැල්ලවත්ත කොටුව හා මාදිවෙල  යන උපසේවා  ස්ථානවල  සේවකයන් 300 පමණ දෙනාගේ නිවාඩු අවලංගු කර ඇත

 උපසේවා මධ්‍යස්ථානවලට අමතරව ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන කොළඹ රාජකීය  සහ ඩි එස්  සේනානායක යන විද්‍යාල භූමිවල ගිනි නිවීම් රථ දෙකක්, ගිලන් රථ දෙකක්  සූදානම් කර තබා ඇතැයිද ඒ මහතා කීය

ඊට අමතරව ගිනි නිවීමේ රථ 50 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිත මුදවා ගැනීමේ රථ 12 ක් මෙන්ම ගිලන් රථ 5 ක් ද  ඕනම මොහොතක ඕනම අවස්ථාවක පිටත් කර හැරීම සඳහා සූදානම්ව තබා ඇතැයිද සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය



අදහස් (0)

ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site