(ඩී.ජී.සුගතපාල)
ස්වයංක්‍රිය ගිනි අවි දෙකක් සහ පතරොම් තොගයක් සමඟ අත් අඩංගුවට ගන්නා ලද රෝහල් කම්කරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු 29 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් පී.කේ.එල්.බණ්ඩාර මහතා නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබුවේ රෝහල් කම්කරුවෙකු වන උඩුගම දකුණ පදිංචි නිරාජ් අසංග ජයවර්ධන හෙවත් පොඩි සුද්දා සහ දොඩන්දූව පදිංචි එරංග ලක්මාල් තිලකරත්න නමැති සැකකරුවන් දෙදෙනකි.
උඩුගම පදිංචි රෝහල් සේවකයා සන්තකයේ ටී.56 ගිනි අවියක් තිබෙන බවට උඩුගම පොලිසියට ලැබුණ තොරතුරක් අනුව ඔහුගේ නිවසට ගොස් පරීක්ෂා කිරීමේදි දැන ගැනීමට ලැබී ඇත්තේ ඔහු හික්කඩුව පොලිස් වසමේ මිතුරෙකුගේ නිවසට ගොස් සිටින බවයි.
ඒ අනුව හික්කඩුව පොලිස් වසමේ දොඩන්දුගොඩ ප්‍රදේශයේ ලක්මාල් තිලකරත්න නමැති සැකකරුගේ නිවස සෝදිසි කිරිමේදි ටී 56 ගිනි අවියක් සමග එහි සැඟව සිටි සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. වැඩි දුරටත් නිවස පරීක්ෂා කිරිමේදි 303 වර්ගයේ රයිපලයක් සහ පතුරොම් 90ක් ද පතරොම් ගැබ තුනක්ද සොයාගෙන ඇත.පසුව සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගිනි අවි-පතුරොම් සමඟ අත්අඩංගුවට ගත් රෝහල් කම්කරුවෙක් රිමාන්ඩ්