
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර මාලිම්බඩ ප්‍රදේශයේ නිවසක ඉතා රහසිගත ලෙස පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදන කම්හලක් වටලා රිවෝල්වර තුනක් සමග පුද්ගලයන් තිදෙනකු සැක පිට ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.
මාතර පොලිස් විශේෂ කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගත් 64 හැවිරිදි ප්‍රධාන සැකකරු රන් කරුවකු වන අතර ඔහු රන් ආභරන නිෂ්පාදනය කරන මුලාවෙන් මෙම ගිනි අවි නිෂ්පාදනය කර තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත.
ඔහුගෙන් ගිනි අවි මිලදී ගත් දෙදෙනකු ද අත්අඩංගුවට ගත් සෑකකරුවන් අතර සිටින බව පොලීසිය කියයි.
මිදිගම හා තොටමුණ පදිංචි ඔවුන් රුපියල් හතලිස්දහස බැගින් මුදල් ප්‍රධාන සැකකරුට ගෙවා එම ගිනි අවි මිලදී ගෙන ඇති බව කියති.
ඔවුන් ඒවා අපරාධ සදහා භාවිතා කර ඇත්ද යන්න තවදුරටත් විමර්ශනය කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිනි අවි කම්හලක් මාතරින් අල්ලයි
Jayasekara Thursday, 24 October 2024 02:21 PM
මාතර කට්ට වෙට්ට පිත්තල
ගමේ එකාලා Thursday, 24 October 2024 03:59 PM
මැතිවරණ කාලේ වැඩක් දෙන්ඩ හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ .නිතරම සෝදිසියෙන් ඉන්න එක තමා හොඳ?