IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ගොනාපිනුවල 34ක් ස්වයං-නිරෝධායනයේ

(ජේ.කේ.එල්. චාමින්ද)
 
තෙලිකඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ගොනාපිනුවල මාජුවාන පවුල් 8කට අයත් පුද්ගලයින්  34 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බැව් තෙලිකඩ පොලිසිය පවසයි.
 
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවු හබරාදුව හිනටිගල පදිංචි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයා ඉකුත් 05 වැනිදින  ගොනාපිනුවල ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට පැමිණ ඇති බවද පොලිසිය පවසයි.
 
එදින රාත්‍රි නිවසේ ගතකොට 06 වැනිදින මොහු පිටත්ව ගොස් ඇත. එම නිවසේ අය හා  සමීප ආශ්‍රිතයින්  ඊයේ සිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධික්ෂණය යටතේ මෙසේ ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන ඇති බැව් පොලිසිය පවසයි.
 
මෙකී උපදේශක වරයා එම ප්‍රදේශයේ වෙළඳසැල් 2කට ගොස් භාණ්ඩ මිලදීගෙන ඇති බවද පොලිසිය පවසයි.



අදහස් (0)

ගොනාපිනුවල 34ක් ස්වයං-නිරෝධායනයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site