( එච්.චන්දන )
පුත්තලම නගර සභාවේ නඩත්තු අංශයේ ගබඩාවේ ඇතිවූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශවී තිබේ.
අද (31) දා දහවල් 10.00 පමණ මෙම ගින්න ඇවිලි ඇති අතර මෙම ගබඩාවේ තෙල් හා තවත් දැ ගඩබඩා කර ඇති අතර ගින්නෙන් එහි තිබූ සියල්ල ගිනි ගෙන විනාශ වී ඇත.
නගර සභා සේවකයින් , පුත්තලම පොලිසයේ නිළධාරින් , පුත්තලම තම්භපණ්නී නාවික හමුදා ගිනි නිවන අංශය, පොලිස් විශේෂ කාර්ය බළකාය , යුධ හමුදාව එක්ව ගින් නිවා දැමීමට කටයුතු කර තිබිණි.
පුත්තලම නගර සභාවේ මාසික රැස්වීමද අද දින පැවති අතර සභා රැස්වීමට පැමිණ සිටි නාගරික මන්ත්‍රීවරැන් රැසක්ද මෙම අවස්ථාවට පැමිණි ගින්න නිවා දැමීමට සහයෝගය ලබා දුන්නේය.
මේ පිළිබදව පිළිබදව පුත්තලම නගර සභාවේ නගරාධිපති කේ.ඒ .බායිස් මහතාගෙන් කල විමසීමකදී ඒ මහතා සදහන් කලේ මෙම ගබඩාව විදුලි කාන්දුවකින් ගිනි ගන්නට ඇතැයි සැක කරන අතර ඇතිවී ඇති විනාශය තවමත් කිව නොහැකි බවයි.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.