IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගිණුම්වලින් සල්ලි අදින කල්ලියක් ගැන පැමිණිල්ලක්

(ෂේන් සෙනෙවිරත්න)

බැංකු ගිණුම් හිමියන් රවට ඔවුන්ගේ ගිනුම්වලින් මුදල් අදින සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් පැමිණිලි අටක් ලැබී ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. 

රජයේ සහ පෞද්ගලික බැංකුවල ගිණුම් හිමියන් රවටා ඔවුන්ගේ ගිණුම්වල මුදල් අදින එම සංවිධානාත්මක කල්ලිය පිළිබඳව මහනුවර මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ .

එම සංවිධානාත්මක කල්ලිය ඔවුන්ගේ ගොදුරු වශයෙන් යොදාගනු ලබන්නේ වයස අවුරුදු 45-50 ඉක්මවූ පරිගණක තාක්ෂණය පිළිබඳ අඩු දැනුමක් ඇති පුද්ගලයන් බවද පොලිසිය කියයි .

ඔවුන්ගේ ගිණුම්වල මුදල් ඇති බවට කිසියම් ආකාරයකට සොයාගන්නා මෙම සංවිධානාත්මක කල්ලිය පළමුව සිදු කරනු ලබන්නේ ඔවුන්ගේ ජංගම දුරකථන අංකය සොයාගෙන ඔවුන්ට මුදල් ත්‍යාගයක් ඇති බව පවසා ඔහුගේ හෝ ඇයගේ හැඳුනුම්පත් අංකය සහ ගිණුම් අංකය ලබාගැනීමත් බවත් ඉන් අනතුරුව ඔවුන්ගේ ජංගම දුරකථන අංකයට ලැබෙන එක් වරක් පමණක් භාවිතා කළ හැකි තාවකාලික රහස් අංකය (OTP) එම සංවිධානාත්මක කල්ලියට ලබා දෙන ලෙස දැනුම් දෙන බව පොලිසිය කියයි .

 



අදහස් (0)

ගිණුම්වලින් සල්ලි අදින කල්ලියක් ගැන පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 133 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site