
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මුදලට කාන්තාවන් අලෙවි කිරීමේ මධ්‍යස්ථාන හතරක් වටලා කාන්තාවන් 16 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.
මේ අතර එම ස්ථාන හතරෙහි කළමනාකරුවන් ද සිටින බව පොලිසිය කියයි.
කොට්ටාව පොලිසියට ලද තොරතුරක් අනුව අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකින් කොට්ටාව , මහල්වරාව , මාලඹේ පාර , රුක්මලේ පාර ප්‍රදේශවල පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හතරක් මෙසේ වටලා තිබුණි.
එහිදී මුදලට අලෙවි වීම සඳහා රැඳී සිටි කාන්තාවන් දහසය දෙනකු අත් අඩංගුවට ගත් අතර ඔවුන් ගාල්ල, මාතර ,බෙලිඅත්ත ,වලස්මුල්ල, අනුරාධපුර, රත්නපුර ,ඇඹිලිපිටිය ,කෑගල්ල ගම්පහ ,කළුතර ඇතුළු ප්‍රදේශ රැසක වයස අවුරුදු 18 - 46 අතර වයසේ පසුවන පිරිසක් බව පොලීසිය කියයි.
2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2406
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගණිකා නිවාස හතරක් වටලා 20ක් අත්අඩංගුවට
ගුණරත්න Thursday, 03 April 2025 01:48 PM
අර මොකෝ, මාලිමාවේ ලොක්කියක් ඡන්ද ප්‍රචාරණ කාලේ කිව්වා නේ අප ඕක නීතිගත කරනවා කියල, දැන් මොකෝ අංශක 180 කැරකිලා.
Jagath Leanage Thursday, 03 April 2025 02:03 PM
අවුරදු 48 ගනිකාවොත් ඉන්නවාද අප්පා….
PereraFriday, 04 April 2025 04:39 AM
ජගත්, 48 වුණාට ඇන්ජින් ගියර් බොක්ස් හොඳනම් කඳු අදින එක ප්‍රශ්නයක් නෑ.
රම්බොඩ Thursday, 03 April 2025 02:52 PM
ඒව නම් ඉතින් ස්වයං රැකියානේ. ව්‍යාප්තිය වළක්වන්න හොඳයි මෙවැනි වැටලීම්. පොඩි දඩයන්නෙ.
මැක්ස් Thursday, 03 April 2025 03:09 PM
ආණ්ඩුව කිසිත් නොකරන බවට මැසිවිලි නගන විපක්ෂට දැන් ඉතින් කටඋත්තර නොමැති වනු ඇත. රටේ සාරධර්ම ආරක්ෂා කර ගැනීමට මෙලෙස උනන්දුවෙන් කටයුතු කළ රජයක් ඉතිහාසයේ තිබුනේ නැත. රජය වෙනුවෙන් පෙනී සිටින ලයික් පිරිසට ද මෙය සුබ පුවතකි.
පුරවැසියා Thursday, 03 April 2025 03:37 PM
තලවතුගොඩ මාදිවෙල පැත්තට ආවානම් මේවා ඕනෑ තරම් තියෙනවා කවදාවත් වටලන්නේ නැහැ දිගුකාලීනව යහතින් පවත්වාගෙන යනවා ලොකු ලොක්කන් වෙන්න ඇති මේවා පවත්වාගෙන යන්නේ එන්නේත් ඒ වගේ අය රජයේ වාහනත් එනවා
Andhare Friday, 04 April 2025 06:41 AM
මෙහෙම ගියොත් බඩුම තමයි .පොලිසිය තමයි මුන්ව නලවන්නේ .4ක් ඇතුලේ . 20 ක් වත් ඉන්න ඇති .මෙයලාව නෙමෙයි අල්ලන්න ඕනේ මේවායේ අයිතිකාරයන්ව