IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි

(ටී.කේ.ජී.කපිල )

කටුනායක ප්‍රදේශයේ නිවෙසකට පහර දෙමින් කළකළහකාරී ලෙස හැසිරුණ පුද්ගයෙකු පාලනය කිරිම සදහා එතැනට ගිය සීදුව පොලීසියේ නිලධාරීන් පිරිසක් , එම පුද්ගලයාගේ කකුලට වෙඩි තබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය .

අද(06)    උදෑසන 10.15 ට පමණ කටුනායක , 18 කණුව  , මායිම් පාර ප්‍රදේශයේ නිවෙසකට කිසියම් පුද්ගලයෙකු පැමිණ පහර දෙමින් , කළහකාරී ලෙස හැසිරෙන බවට , එම නිවෙස් හිමියන් සීදූව පොලීසිය වෙත පැමිණිළි කර තිබේ .

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයට යන විටත් , ඔහු එම ස්ථානයේ රැදී සිට ඇති අතර , ඔහු පාලනය කර එතැනින් ඉවත් කිරිමට ප්‍රයත්නදරත්දී , ඔහු පොලිස් නිලධාරීන්ටද  ප්‍රහාර එල්ල කර තිබේ .

‍එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් මෙම පුද්ගලයාට වෙඩි තබා තිබේ .

 මෙම ගැටුමෙන් පොලිස් නිලධාරීවරයෙකු ද තුවාල ලබා ඇති අතර , වෙඩි පහරට ලක්වූ පුද්ගලයා සීදුව රෝහලට වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුලත් කර තිබේ .



අදහස් (1)

කලබල කළ පුද්ගලයා මෙල්ල කරන්න පොලීසියෙන් වෙඩි

රම්බොඩ Tuesday, 06 May 2025 11:23 AM

අන්තිමට පොලිස් නිලධාරීයා හිරේ ගිහින් වැැරදි කාරයා ගෙදර යයිද දන්නෙ නෑ.

:       8       10

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

බදුල්ලේ ජනතාවත් ඡන්දයට පෝලීමේ
2025 මැයි මස 06 22 0

පලාත් පාලන මැතිවරණයේ බදුල්ල ජනතාව අද (6) ජන්ද දැමීමට පෝලීමේ රැදී සිටියහ.


දමනින් සොරාගත් වෙඩි බෙහෙත් සමග හතරක් අල්ලයි
2025 මැයි මස 06 3 0

අම්පාර දමන අලහේන ගම්මානයේ පෞද්ගලික ව්‍යාපාරිකයකුගේ වෙඩි බෙහෙත් ගබඩාවක් කඩා සොරා ගත් වෙඩි බෙහෙත් සමග සැකරුවන් 04 දෙනකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි


අනුර යාපා - බිරිඳගේ ඇප කොන්දේසි ලිහිල් කරයි
2025 මැයි මස 06 125 0

ගංවතුරින් අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමේ මුවාවෙන් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන හිටපු අමාත්‍යය අනුර ප්‍රියදර්ශන යාපා, ඔහුගේ බිර


ආදිවාසීන්ට පොරව ගේන්න අවසර
2025 මැයි මස 06 147 0

ආදිවාසීන්ට පොරව රැගෙන ඡන්ද පොළට යෑමට මැතිවරණ කොමිෂන් සභාව පළමු වරට මෙවර අවසර දී ඇත.


හොර ඡන්ද දාන්න ගිය අයෙක් මාට්ටු
2025 මැයි මස 06 283 0

ව්‍යාජ ලෙස සැකසූ ඡන්ද පත්‍රිකා අටක් අතැතිව, මැතිවරණ නීතී උල්ලංඝණයේ යෙදී සිටි පුද්ගලයෙකු, පුත්තලම දිස්ත්‍රික්කයේ රත්මල් යාය, අල් කාසීම් සිටි ඡන්ද මධ්‍


කැනඩා මහකොමසාරිස් - කතානායක අතර හමුවක්
2025 මැයි මස 06 128 0

ශ්‍රී ලංකාවේ කැනඩා මහකොමසාරිස් එරික් වොල්ෂ් මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 767 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 197 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1240 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site