IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගජේන්ද්‍රන්ට දිවුලපතානේ දී හූවක්: ගමනත් අහුරති

(නිමල් ජයරත්න)

දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ආ දෙමළ ජාතික පෙරමුණේ නායක, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට එම ගම්මානයේ පිරිසක් වලමණ්ඩිය පාලම අවහිර කරමින් විරෝධතාවයක නිරත වෙති.

අද පෙරවරුවේ පැමිණි මන්ත්‍රීවරයා ගමනට ඇතුළු වීමට ඉඩ නොදුන් අතර පැය එකහමාරකට ආසන්න කාලයක් වලමණ්ඩිය පාලම අසල රැඳී සිටි මන්ත්‍රිවරයා ගම්වාසීන්ගේ හූ හඬ මධ්‍ය ආපසු හැරී ගියේය. 
මෙම විරෝධයට මඩ කලපුව මංගලාරාමාධිපති  අම්පිටියේ සුමනරතන නාහිමියන් සහ පොල්ගහ ආරාවේ ඥානන්ද නාහිමියන් ඇතුළු ගම්මුන් විශාල පිරිසක් එක්ව සිටිති. සිද්ධිය සැල වූ වහාම  කරදියනාරු පොලිසිය මගින් ආරක්ෂාවද ලබා දී ඇත.
ජාතිවාදය ඇවිස්සීමට සහ තමන් වගා කරන බිම්  තහනම් කිරීමට මෙම දේශපාලඥයා පැමිණි ඇති බවට ගම්වාසීහු චෝදනා කරති. 



අදහස් (15)

ගජේන්ද්‍රන්ට දිවුලපතානේ දී හූවක්: ගමනත් අහුරති

Senarath Friday, 15 December 2023 12:31 PM

අපේ නායකයන්ට කොන්ද පන නැහැනෙ, උන් යුද්දෙන් පැරදිලත් මෙ මිනිස්සු එලවල එ ප්‍රදේශත් අත්පත් කරගන්න වැඩපිලිවෙල කරගෙන යනව. කෝ යාපනෙ හිටපු සිංහල මිනිස්සු ?

:       10       366

Saman Saturday, 16 December 2023 06:39 PM

ජාතිවාදය ඇවිස්සීමට සහ තමන් වගාකරන බිම් තහනම් කිරීමට මෙම දේශපාලඥයා පැමිණි ඇති බවට ගම්වාසීහු චෝදනා කරති. සිංහල මුස්ලිම් දෙමළ සියලු දෙනාට ජාතිවාදය ඇවිස්සීමට කිසිසේත්ම අවස්ථාවක් ලබා නොදිය යුතුයි. සියලු ශ්‍රී ලාංකිකයන්ට සමාන අවස්ථාවන් තිබිය යුතුවේ. යමෙකු රටේ නීතියට පරිභාහිරව ක්‍රියා කරන්නේ නම් රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුවේ. කෙසේ වෙතත් රටේ පුරවැසියන් වර්තමාන දේශපාලකයින් ප්‍රතික්ෂේප කර තිබේ...

:       1       0

රංබොඩ Friday, 15 December 2023 03:05 PM

පාලකයාගේ ගෝලයෝ තමයි. තමන්ට බලයේ රැඳී සිිටීම සඳහා සමස්ථ ජාතියම වුවත් පාවා දෙන්න ඔවුන් සූදානම්. ජනතාබලය ඊට උඩින්.... සිංහලයාට ඒ පැතිවල කරන අඩුු සැලකිලිවල ප්‍රතිඵල භුක්ති විඳින්න වෙයි කාටත්...

:       7       332

සමන් Friday, 15 December 2023 03:36 PM

අපේ පජාති සිංහලයින් වැඩ කරන්නේ තමන්ගේ වාසියට විතරයිනේ. ඔවුන් ළඟ විතරයි මහලොකු සංහිඳියාව. මුස්ලිම්, දෙමළ ඔවුනොවුන්ගේ ජාතියට වැඩ...! 

:       11       312

රටෙ රාළ Friday, 15 December 2023 03:41 PM

ජෙප්පන්ට හරි, පෙරෙට්ටන්ට හරි රට ගියොත් සිංහලයට දෙවිපිහිටයි..!

:       45       261

Ruwan Friday, 15 December 2023 04:06 PM

මෙන්න මේ සිවුරු ඇඳගෙන පිස්සු නටන ජාතිවාදේ අවුස්සන රාජපක්ෂලාගේ සුරතලාව වහාම අත්අඩංගුවට ගතයුතුයි.

:       246       55

Amila Friday, 15 December 2023 04:42 PM

රාජපක්ෂලාගේ කොන්ත්‍රාත් ඉටුකරන මේ ජාතිවාදීන් අත් අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       224       48

බද්රානි Friday, 15 December 2023 04:51 PM

නරින්ට ඉතින් හූ කියනවා හැර වෙන මොනවාද කරන්න පුළුවන්...? නරි හිතාගෙන ඉන්නේ සිංහයෝ කියලනේ... ඒකයි තියන ගැටළුව..! හැබැයි ඔය නරි රැල, රජා වගේ වැජඹෙන පිල්ලෙයාන් මහත්තයාට නම් මීක් කියන්නේ නැහැ... පුළුවන් නම්, එතුමාට එක නරි හූවක් තියලා පෙන්වපල්ලාකෝ...!

:       159       37

නිමල් Friday, 15 December 2023 10:28 PM

තමුන් කණ්ණාඩියක් ඉදිරියට ගොස් බැලුවොත් දකින්න පුලුවන් .

:       0       0

chandanaSaturday, 16 December 2023 10:16 AM

බද්‍රානි නම් වූ මැය හැම විටම රටට ජාතියට ආගමට නිගා කරන අදහස් පල කිරීමේ කොන්ත්‍රාත්තුවක් භාරගෙන ඇති තැනැත්තියකි. ජනතාව මෙය තේරුම්ගෙන බුද්ධිමත්ව කටයුතු කරන්න. මැය වසලියකි...

:       0       0

Samitha Friday, 15 December 2023 06:57 PM

දැන් චණ්ඩි පාර්ට් දැම්මාට ඔය දබරැගිල්ල දික් කරගෙන ඉන්න මදාවියන් ඒ කාලේ කරුණා අම්මාන් ළඟ දෙකට නැමිලා සර් සර් කිය කියා හිටපු හැටි අපට නම් අමතක වෙලා නෑ...!

:       92       25

Bamunuarachchi Friday, 15 December 2023 08:34 PM

නමින් සමිත වුණාට සිංහලද? සිංහල අපිට පක්ෂ නම් අපි යකාගේ කරට වුණත් අතදානවා. සිංහල අපිට විරුද්ධ නම් තාත්තා වුනත් ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසයි දුටුගැමුණු කුමාරයා තාත්තාට ගැහැණු ඇඳුම් යැව්වේ. කරුණා අම්මාන් ප්‍රභාකරන්ට විරුද්ධව සිංහලයින්ට එකතු වුණා. ඔහු සමහර සිංහලයෝ වගේ දෙපැත්ත කෑවේ නැහැ double agent කෙනෙක් වුනේ නැහැ. තේරුණාද සමිත...?

:       0       0

Bamunuarachchi Friday, 15 December 2023 11:08 PM

මම හිටියා නම් ගහලා හිරේ යනවා...

:       0       0

Kuma Saturday, 16 December 2023 07:55 AM

කහ පාට ටීෂර්ට් එකක් දාලා ඊට උඩින් නිල් චීත්තයක් දාලා සද්දේ දාන තට්ට අංකල් නම් කොහේ හරි දැකලා තියනවා...

:       0       0

eeuwan badrani samitha amila koti ballo Saturday, 16 December 2023 10:55 AM

මේ වගේ ජාතිවාදී දේශපාලුවන්ට උන්ට කඩේ යන කාලකන්නි එවුන්ට හූ කියලා විතරක් මදි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 764 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site