IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණ පිංකමෙන්

(ආරියරත්න රණබාහු )

කොළඹ නව කෝරලේ ප්‍රධාන සංඝනායක ගංගාරාමාධිපතිව වැඩ විසු අපවත් වී වදාල ආචාර්ය ඥානීස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද සහ ඊයේ යන දිනවල ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.

ඥානීස්සර නාහිමියන් වෙනුවෙන් ධර්ම දේශනයක් සහ   මහා සංඝරත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමිණි.

එම ධර්ම දේශනාව  රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිකාරි රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියෝ පැවැත් වූහ.

මෙහිදී පිළිගැනීමේ අනුශාසනාව විහාරාධිපති ආචාර්ය කිරීන්දේ අස්සජි හිමියෝද ත්‍රෛනිකායික මහා සංඝරත්නය පිළිගැනීම පානදුර ගඟුල විශුද්ධාරාමාධිපති තන්තිරිමුල්ලේ සරණ හිමියෝද සිදුකළහ.

ඡායා ඉසුරු පෙරේර



අදහස් (0)

ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ තෙමස් පූර්ණ පිංකමෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site