(යොහාන් භාසුර)
එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත යොමුකර තිබූ රුපියල් කෝටි 7 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා අද (4) පැවසීය.
ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් රඳවාගත් සැක සහිත පාර්සල් 13 ක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේදී පරීක්ෂා කළ බවත් මෙම පාර්සල් සම්බන්ධයෙන් තැපැල් නිලධාරීන් වෙත ලබාදී තිබුණ ලේඛනවල ඒවායේ පුද්ගලික භාණ්ඩ අඩංගු බවට සඳහන්ව තිබූ බවත් ඒ මහතා කීය.
එම පාර්සල් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබුණ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබු බව කී සුදත්ත සිල්වා මහතා එම මත්ද්‍රව්‍ය අතර කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 921 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 106 ක්, කංසා ඇටවලින් නිස්සාරනය කරන ලද තෙල් ලීටරයක්, මෙතම්ෆිටමයින් නමැති මත්පෙති 5272 ක්, මත් මුද්දර කොටස් 425 ක්, මැන්ඩි ග්‍රෑම් 2 ක් සහ හෂිෂ් ග්‍රෑම් 4 ක් තිබූ බව ද සඳහන් කළේය.
එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් 73,065,000 ක් බවට තක්සේරු කර ඇති බවත් මේ පිළිබඳව මුලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාරදුන් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා කීය.
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝටි 7ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේදී මාට්ටු