(සුජිත් හේවාජුලිගේ)
කොළඹ මහ නගර සභාවේ පුරපති සහ නියෝජ්‍ය පුරපති තේරීම සඳහා ඡන්ද විමසීම ලබන මස 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙම ඡන්ද විමසීම පවත්වනු ලබන්නේ පළාත් පාලන කොමසාරිස්වරයා විසිනි.
පුරපති ධූරය සහ නියෝජ්‍ය පුරපති ධූරයට සුදුස්සන් මෙසේ ඡන්දයකින් තෝරා ගැනීමට සිදුව ඇත්තේ කිසිම තනි පක්‍ෂයක් සියයකට පනහකට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන නැති හෙයිනි.
මේ අනුව පළාත් පාලන කොමසාරිස්වරයා පවත්වන ඡන්ද විමසීමේදී සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා ආණ්ඩුවේ හෝ විපක්ෂයේ අපේක්ෂකයාට නගරාධිපතිවරයා වීමේ හැකියාව පවතී. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 48කි.
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් එම සභාවට සභිකයෝ 69 දෙනෙක් තේරී පත් වූහ. මේ අනුව කොළඹ නගර සභාවට වැඩි සභිකයන් සංඛ්‍යාවක් සිටින්නේ විපක්ෂය පැත්තේය. මේ අතර කොළඹ නගර සභාවේ පාලන බලය ගැනීමට ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් දැඩි තරගයක නිරතව සිටී
කොළඹ මහ නගර සභාවේ පාලන බලය සම්බන්ධයෙන් අදහස් දක්වන සමග ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරන්නේ සභිකයන් බහුතරය ඇති හෙයින් පාලන බලය ලබා ගැනීමට අයිතිය ඇත්තේ විපක්ෂයට බවයි.
ජාතික ජන බලවේගය සභිකයන් 48 දෙනෙකු දිනා ගත්තද සියයට පනහ සීමාව ඉක්මවීමට ඔවුන් අපොහොසත් වූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කොළඹ මහ නගර සභාවේ පාලන බලය සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ තනි පක්ෂයක් හැටියට වැඩිම සභිකයන් දිනාගෙන ඇත්තේ ජාතික ජන බලවේගය හෙයින් පාලන බලය පිහිටුවීමට වැඩි අයිතිය ඇත්තේ තම පක්ෂයට බවයි පාලන බලය අනිවාර්යයෙන්ම පිහිටුවීමට කටයුතු කරගෙන යන බවද ඔහු කීවේය.
දෙමටගොඩ ගුවන් පාලම යට නවාතැන් ගෙන සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් පසු පස එලවමින් අතින් පයින් හා පොලු වලින් පහරදී ඝාතනය කළ තරුණයන් සිව් දෙනෙකු අත්අඩංගු
වෙන්නප්පුව වෙල්ලමංකරේ මුහුදෙ ගිලි අතුරුදහන් වු තිදෙනාගෙන් දෙදෙනෙකුගේ සිරුරු අද(14 ) උදෑසන එම පිරිස දිය නෑමට ගිය වෙල්මංකරේ මුහුදු තිරයට ගොඩ ගසා තිබු බව
කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි ඉකුත් 11 වන දින සිදු වු බස්රථ අනතුරින් බරපතල ලෙස තුවාල ලබා ගම්පොළ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින්
යාපනය නගර සභා ගොඩනැගිල්ල නැවත ගොඩනැගීමේ කටයුතුවලදී මූල්‍ය අවභාවිතයක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතරේ හමුවක් පැවැත්විණි. බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, චීනයේ බෙයිජීං අගනුවරට පැමිණ සිටින අ
වෙන්නපුව කටුකෙන්ද මිහිඳු ප්‍රාථමික විද්‍යාලයේ 2025 වසර සඳහා නවක ශිෂ්‍ය නායක නායිකාවන්ට නිල ලාංඡන පැළඳවීම එම විද්‍යාලීය පරිශ්‍රයේදී සිදුකෙරිණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කොළඹ පුරපති තෝරන ඡන්දය ජුනි 2 දා