(සුජිත් හේවාජුලිගේ )
ලංකා පොස්පේට් සමාගම ඛනිජ ඇඹරුම් යන්ත්‍ර සඳහා යොදාගන්නා ‘රබර් බුෂ්’ ගබඩාවේ තිබියදී ඒවා පාවිච්චියට ගත නොහැකි බව දන්වමින් එම ඒකක දෙසීයක් වැඩි මිලට ආනයනය කිරීමෙන් ආයතනයට රැපියල් එක්කෝටි පනස් හත් ලක්ෂයකට වැඩි පාඩුවක් සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කර අලුත්ම වාර්තාවක සඳහන් වේ.
මෙලෙස මිලදී ගත් තොගය පසුගිය වසරේ (2024) අප්‍රේල් මාසය වනවිටද භාවිතයට නොගෙන නිකරැණේ ගබඩා කර තිබූ බව එම වාර්තාවේ දැක්වේ.
එම රබර් බුෂ්වලට අමතරව සම්බන්ධක ඇණ ඒකක ( coupling bolt) එකසිය අනූඅටක්ද ලැබී තිබුණද එම ඇණ වලින් යන්ත්‍රයට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බැවින් ඒවාද ප්‍රයෝජනයට ගෙන නොතිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි.
ඒකකයක් රුපියල් 350 බැගින් රුපියල් 70,000 කට මිලදී ගැනීමට හැකියාව තිබියදී රබර් බුෂ් ඒකක දෙසීයක් ඒකකයක් රුපියල් 79,082 කට මෙලෙස ආනයනය කිරීමෙන් මෙම පාඩුව සිදුව අැති බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර එම සමාගම රුපියල් තුන් කෝටි පනස් අට ලක්ෂයක් වැය කර මිලදීගෙන තිබූ ක්‍රෂර් යන්ත්‍රයක් භාවිතයට නොගෙන සමාගම් පරිශ්‍රයේ රඳවා තිබුණු බවද වාර්තාවේ සඳහන්වේ.
එසේම සී.අයි.සී සමාගමට අලෙවි කරන ලද ඊ ආර් පී පොහොර මේට්‍රික් ටොන් 393ක් නියමිත රොක් පොස්පේට් ප්‍රතිශතය නොතිබීම හේතුවෙන් එම තොගය ආපසු ඒවා තිබූ බවත් ඒ සඳහා ප්‍රවාහන වියදම් හා පැටවීමේ කුලී වියදම් ලෙස ලක්ෂ දාහතකට වැඩි මුදලක් නාස්තිවී තිබූ බවත් වාර්තාවේ දැක්වේ.
අනතුරැව එම පොහොර තොගයට එප්පාවල රොක් පොස්පේට් මිශ්‍රකර 2023 වර්ෂයේදී නැවත සැකසීම කර ඇතත් ඒවා අලෙවි කර නොතිබූ බව විගණන අංශ පවසයි
මේ තොරතුරු සඳහන් වන්නේ ලංකා පොස්පේට් බ සමාගමේ 2023 / 2024 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන ලේඛනයේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොලේ වහලා රබර් බුෂ් ගෙනත්
Bunny Preena Tuesday, 03 June 2025 08:41 AM
සැලසුම් සහගතව මුදල් වංචා කිරීමේ අරමුණින්ම සංවිධානාත්මකව කළ වැඩක් බව හොඳටම පැහැදිලියි. ඔවුන්ටද වැලිකඩ බන්ධනාගාරයේ දොරවල් මතු දිනයකදී විවෘත වනු ඇත...