IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කොල්ලුපිටියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තායි කාන්තාවන් 23 දෙනෙකු යොදාගෙන ලාංකික කාන්තාවක් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් අද (04) වටලා ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

කොල්ලුපිටිය පොලිසියේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් අනුව පොලිස් කොස්තාපල්වරයෙකු උපාය දූතයෙකු ලෙස යොදවා ගෙන මෙම ස්ථානය වටලනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් අනුව බව පොලිසිය පැවසීය.

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථායක් ලෙස නාම පුවරු ප්‍රදර්ශනය කර මෙම ගණිකා මධ්‍යස්ථානය රහසිගතව කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් තායි කාන්තාවන් අතර සංචාරක වීසා මත මෙරටට පැමිණි අයද සිටින බවත් ඔවුන් සියලු දෙනාම වයස අවුරුදු 20 ත් - 40 ත් අතර පසුවන්නන් බවත් පොලිසිය පැවසීය.

 

 



අදහස් (24)

කොල්ලුපිටියේ ගණිකා මධ්‍යස්ථානයක් වටලයි

ජිනාදරී Friday, 04 October 2019 03:04 PM

ඔවුන්ගේ රටේ වගේ මෙහෙත් කරන්න පුලුවන් කියලා හිතන්න ඇති....

:       285       119

Anura Friday, 04 October 2019 03:45 PM

අපේ පොලිසිය උනන්දුවෙන් කරන රාජකාරිය ඕක තමයි...

:       58       722

ROHAN DAYADARA PARIS Friday, 04 October 2019 06:23 PM

මේ ලෝකයේ පැරණිම රැකියාව හැටියටයි යුරෝපා රටවල් හදුන්වන්නේ... ඒ වගේම තවමත් යුරෝපයේ රටවල් වල මෙම රැකියාව කරන්න අවසර දී තිබෙනවා. එ්කෙන් කාන්තා ළමා දූෂණ අවම වී පිරිමින්ගේ අසහනය පාලනය කෙරෙනවා.

:       4478       1002

PerakumSaturday, 05 October 2019 03:51 AM

කතා කරල වැඩක් නෑ රොහාන්. අපේ පාලකයින්ට මේවා තේරුම් ගන්න තරම් මොලයක් නැහැ. දන්නේ කොමිස් ගහන්න විතරයි.

:       706       276

AmaraSaturday, 05 October 2019 07:07 AM

අම්මෝ මොනවද මේ? කතා මේවා කළොත් අපේ සංස්කෘතිය සභ්‍යත්වය බල්ලට යනවා. සිංහල ඡන්ද කැඩෙනවා. දූෂණයක් දෙකක් වෙලා හිරේ දාලා පාලනය කරන ක්‍රම වේදය අපේ හරි ශක්තිමත්.

:       696       50

AkilaSaturday, 05 October 2019 08:07 AM

පාලකයින්ට තේරෙන්න නම් ඒ ගොල්ලෝ යන කොළඹ තියන සුපිරි නයිට් කලබ් වල ඉන්න ගණිකාවන් අල්ලන්න ඕනේ...

:       129       167

JINASIRI Friday, 04 October 2019 06:26 PM

මෙය නීතිගත කළ යුතුයි කියලා මම යෝජනා කරනවා.

:       2502       707

Ahmed NajeemSunday, 06 October 2019 05:26 AM

මම ජීවත් වෙන රටේ කෙනෙක් ඔහොම කිව්වා බඳින්න කලින්.බැඳලා අවුරුදු පහකින් මට එයාව හම්බ උනාම දූවරු දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. මම ඇහුවා දැන් මොකද කියන්නෙ කියලා? එයා මුකුත් කිව්වෙ නෑ. බිම බලාගත්තා.

:       6       64

Bamunuarachchi Saturday, 05 October 2019 12:55 AM

බදු ගහලා පවත්වාගෙන යන්න අවසර දෙන්න. එයත් සේවයක්.

:       937       341

BamunuarachchiSunday, 06 October 2019 01:21 AM

අකමැත්ත ප්‍රකාශ කරලා තිබෙන්නේ මේ වෘත්තිය නීත්‍යානුකූල කළොත් තමන්ට පාඩු වෙයි කියා සිතන අය. බය වෙන්න එපා ඔයගොල්ලෝ පස්සේ එන අයත් ඉන්නවා.

:       194       43

Dr. Ranga PirisSunday, 06 October 2019 05:12 AM

මම නම් හිතන්නේ මව් කුසෙන් ඉපදිලා මව් කිරි බීල හැදිච්ච අය තමයි විරුද්ධ වෙලා තියෙන්නෙ. සමහරුන්ට රකින්න දියණියන්, සොයුරියන්, මව්වරුන් නැති නිසා ගණිකාවෝ ඉල්ලනවා. මගේ වාට්‍ටුවට හොරාට ඒඩ්ස් වාර්තා ගන්න එන්නෙ මේ වගේ අය තමයි.

:       14       56

RathnayakaSunday, 06 October 2019 05:17 AM

ඒකෙ අනිත් පැත්ත නේද වෙන්න ඕනෙ?ගණිකා මඩම් කරගෙන යන අය නේද ඒව නීත්‍යානුකූල කරන්න ඉල්ලන්නේ? ඔය ගංජා නීත්‍යානුකූල කරන්න ඉල්ලන්නේ ගංජා විකුණන හා ඒවා භාවිතා කරන අයනේ. ඒව නොකරන අය ඒවට විරුද්ධයිනේ.

:       0       76

BamunuarachchiSunday, 06 October 2019 05:10 PM

පීරිස් මහත්තයෝ ලෝකයේ පැවැත්මට අවශ්‍යතා දෙකක් තිබෙනවා. ඒ ආහාර සහ ලිංගිකත්වය. ඔය දෙකෙන් එකක්වත් නැති වුනොත් ලෝකයේ පැවැත්මක් නැත. මව් කිරිබීලා මව්කුසේ හැදුණු අයට තමයි නිසිවයසට පැමිණියාම ඇඟේ හෝමෝන ක්‍රියාව පටන් ගත්ත ගමන් මේවා අවශ්‍ය වෙන්නේ. ඒ අවශ්‍යතාවය තිබෙන්නේ ටික කාලයකට... ඊට පසු එය නැතිවී යනවා. එමනිසා ඒ අවශ්‍යතාවය මිනිසා දමා ගත් කෘතීම නීතිරීතිවලට යට වෙන්නේ නැත.

:       0       48

BamunuarachchiTuesday, 08 October 2019 02:31 AM

පිරිස් මහතා දෙවියොත් එපා කියද්දී නේද ආදම් තහනම් ගහේ ගෙඩි කෑවේ?

:       0       11

priyanthaWednesday, 09 October 2019 10:01 AM

මව්කිරි බිව්වා කියලා සමහරුන්ගේ ඇසාවල් නැති වෙන්නේ නෑ.

:       0       0

lion Saturday, 05 October 2019 01:24 AM

කරුණාකරලා මෙය නීත්‍යනුකුල කරන්න .මෙය මිනුසුන්ගේ අවශ්‍යතාවක් .මේ පොඩි දරුවන්දුෂණය වගේ දේවල් සිදුවන්නේ මෙම කරුණු නිසයි

:       519       347

bamu Saturday, 05 October 2019 03:13 AM

උපාය දුතයා ගිය එකාට මරු

:       118       211

පිටිගල මිලානෝ Saturday, 05 October 2019 04:39 AM

පොලිසියත් ඉතින් උදේම භාවනා කරලා කැමැත්තෙන්ම කරන්න රාජකාරි නම් වෙරළේ ඉන්න, හෝටල් කාමරේක ඉන්න පෙම්වත්තු අල්ලන එක සහ ගණිකා නිවාස වටලන එක. රටේ සිදුවන දරුණුම අපරාද මේවද?

:       703       250

JayasenaSunday, 06 October 2019 06:26 AM

මේව අපරාධ නෙමේ අපරාධ උල්පත්. මේව පස්සෙ මිනී මැරුම්, කුඩු, ගංජා, ස්ත්‍රී දූශණ, බ්ලැක්මේල් කිරීම් අනන්තයි. ඔය මේවට කැමැත්තෙන් කොමෙන්ට් දාන්නෙ ඔය අපරාධ වලට හවුල් දේශපාලන ගොට්ටො.

:       11       0

රජින්ද Saturday, 05 October 2019 05:04 AM

මොන විහිළුවක්ද අවුරුදු ගානක් කොල්ලුපිටියේ පවත්වාගෙන ගියානම් කොල්ලුපිටියේ පොලීසිය ගැන හිතා ගන්න පුළුවන්නේ. මොවුන් අල්ලස් ගෙන නැතිනම් මෙපමණ කාලයක් කොහොමද හොරෙන් කරන්නේ. ඒ නිසා කොල්ලුපිටියේ පොලීසියට එරෙහිවත් රාජ්‍ය දුෂණ මර්ධන ඒකකයක් විසින් පරීක්‍ෂණ මෙහෙයවිය යුතුයි.

:       0       224

KamalSaturday, 05 October 2019 07:16 AM

පගාව පරක්කු වුණාම තමයි වටලන්නේ. මෙවැනි විකාර නොකර රජයට බදු මුදලක් ගත්තා නම් ඉවරයි.

:       523       251

mahesh Saturday, 05 October 2019 06:17 AM

මට නම් මේ කාන්තාවන් ගැන හරි දුකඊ. මමත් කියන්නේ මෙය නීති ගත කරන්න කියල

:       511       68

beau Saturday, 05 October 2019 08:16 AM

ඇමති බිස්නස් එකක් වගේ මේකත්.

:       1       42

kumara Sunday, 06 October 2019 01:33 AM

සදාචාරය මත පදනම් වු දෙයක් බැවින් සුදුසු නීතිමය පසුබිමකට අනුකූල විය යුතුය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 49 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 377 1

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 1571 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.



ව්‍යවස්ථා සභාවේ ලේකම් ධම්මික අස්වෙයි
2025 මැයි මස 10 2655 3

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා
2025 මැයි මස 10 1090 2

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 500 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1360 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 352 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site