(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 3.9 තවමත් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බව ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඒකාබද්ධව නිකුත් කරන ලද ආහාර බෝග සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ තක්සේරු මෙහෙයුම් වාර්තාවේ දැක්වේ.
උතුරු ,නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ජනතාව වැඩි වශයෙන් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිත තාවයෙන් පෙළෙන බව එම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ නමුත් පසුගිය වසරේ ජූනි සහ ජූලි මාසයන් සමඟ සැසඳීමේ දී මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන පිරිස සියයට 40 කින් පමණ අඩු වී ඇතැයි එම වාර්තාව පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ 66000 ක ශ්‍රී ලාංකිකයන් පිරිසක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළුණත් මේ වන විට එම පිරිස 10000 දක්වා අඩු වී ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.
ආහාර සුරක්ෂිතතාවය වර්ධනය වීමට යහපත් ආහාර පරිභෝජනය ,ආහාර මිල යම්තාක් දුරට අඩු වීම සහ අස්වනු නෙලීම හේතුවෙන් ආදායම් මට්ටම වර්ධනය වීම යන කරුණු බලපා ඇත.
තවමත් කිලිනොච්චිය, නුවරඑළිය, මන්නාරම, මඩකලපුව, වව්නියාව සහ යාපනය වැනි දිස්ත්‍රික්කවල ආහාර අනාරක්ෂිතතාව ඉහළ මට්ටමක පවතින බව එම වාර්තාවේ දැක්වේ.
වතුකරයේ පවුල් වල, සමාජ ආධාර වැඩසටහන් මත යැපෙන සහ දෛනික වැටුප් ලබන පවුල්වල උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයක් තවමත් වාර්තා වන බව එම වාර්තාව පෙන්වා දී තිබේ.
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්
වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
කුස ගිනි කාරයන් අඩු වෙලා
pakeer Monday, 29 May 2023 09:38 PM
යෝගට් එකක් අයිස් ක්‍රීම් එකක් කාපු කාලයක් මතක නෑ .කාලකන්නි මූසල දේශපාලුවෝ ජනතාව ට හිතලම ඇරියා .ඕකුන්ට හෙන හතම ගහනවා .කාලකන්නි මුස්පෙන්තුන් අවජාතකයෝ
මොන බොරුක්ද? Tuesday, 30 May 2023 06:50 AM
පොලීසිය විසින් අත් අඩංගුවට ගත් පූජනීය වන්දනීය පූජකවරයෙක් අපි පත්තරේ දැක්කා. කුසගින්නක පාටක් පේන්නවත් නෑ. ලංකාව ගැන බොරු ප්‍රචාර පතුරුවන්න එපා!
wathsala Tuesday, 30 May 2023 09:49 AM
මොන බොරුද?????? ජනතාව තවත් ගොනාට අන්දන්න හදනව......