(සුමිත් පොතුපිටිය)
අපොස උසස් පෙල හැදෑරීමට කළුතර ප්‍රධාන පිරිමි පාසලකට ඇතුල්වූ සිසුවකු අමානුෂික අන්දමින් නවක වදයට ලක්කර පහරදුන් බවට සැකපිට සිසුන් තිදෙනකු අත්අඩංගුවට ගත්බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රධාන පිරිමි විදුහලක අපොස උසස් පෙළ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් තිදෙනකු බව පොලිසිය කීය.
එම විදුහලේ අපොස උසස් පෙල නව පංතියට ඇතුල්වූ සිසුවකු මෙසේ නවකවදය ලබාදී පහරදී ඇති බවට පහරකෑමට ලක්වූ සිසුවා ප්‍රකාශ ලබාදී ඇති බවත්, ඔහු ප්‍රතිකාර ලබාගැනීම සදහා කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් සදහන් වේ.
පහරකෑ සිසුවා ගේ නලල ප්‍රදේශය පුපුරා යාමෙන් මැහුම් කිහීපයක් යොදා ඇති බවත්, ඔහු පැය 24 කට වැඩි කාලයක් නිසි පරිදි සිහි කල්පනාවෙන් නොසිටී බවත් රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි
සැකකාර සිසුන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.