
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලයේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස් එස්.බී.එස්. අභයකෝන් මහතා පියවර ගෙන තිබේ.
එසේම එම විදුහල මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් නම් කොට තිබේ.
එම පාසල කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යුහ කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබුණ ද එය ක්‍රියාත්මක නොවී පැවතුණි.
මේ අතර උඩදුම්බර සහ වත්තේගම අධ්‍යාපන කලාපයේ කටුගස්තොට ප්‍රදේශයේ මධ්‍යම පළාතේ හිටපු මහ ඇමතිවරයෙකුගේ (සරත් ඒකනායක) නමින් නම් කොට ඇති පාසල් දෙකකද එම නම් වෙනස් කරන ලෙස එම පාසල්වල ආදි සිසුන් දෙමව්පියන් සහ විවිධ වෘත්තිය සමිති දැඩි ලෙස ඉල්ලීම් කරමින් සිටිති.
2025 දෙසැම්බර් මස 30
30
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
708
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෙහෙළියගේ නම ගැලවෙයි
බකල ජයා Wednesday, 23 October 2024 10:59 PM
ඒ වුණාට මෙතුමන්ලගේ පෞද්ගලික ධන පරිත්‍යාගවලින් හදපු මේ පාසල්වල නම් වෙන්කිරීම වැරදියි නේද?ලංකාවේ සෑම තැනකම සිනා.
විදුරThursday, 24 October 2024 07:20 AM
100ක් හොරකම් කරලා 1කින් ඉස්කෝලයක් හදන එක හරිද? මුලු රටෙන්ම මුන්ගේ නම් මකලා දාන්න ඕන. ඉස්කෝලෙට ගමේ නම තිබුණාම ඇති.
upaliThursday, 24 October 2024 09:08 AM
පෞද්ගලික ධනය උපයාගත්තේ කෙසේද ?
Ranjith yasanayaka Thursday, 24 October 2024 06:07 AM
එකක් දේශපාලුවෝ හොරුන්ගේ නම් දාන්නේ නැතුව පැරණි රජවරුන්ගේ නම් දාන්නකෝ කොච්චර ලස්සනද .උදාහරණ මහසෙන් මහා දේවාලය
Prabath Thursday, 24 October 2024 08:15 AM
රඹුක්වැල්ල ගමේ නමත් ,ග්‍රාම නිලධාරී කොට්ටාශයේ හෝ නගරයේ තියනවානම් මේ නමත් ඉවත් කරන්න .මෝඩ වැඩ .මෝඩ වැඩ සහ ගොන්කම
මුදිත් Thursday, 24 October 2024 08:57 AM
එතකොට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ?
Nandalal DE SILVA - FranceThursday, 24 October 2024 02:18 PM
ඇයි අනේ ,හෝමාගම විතරද .උන්ගේ නම නැත්තේ පොදු වැසිකිලි වල විතරයි
පිටිගල මිලානෝ Thursday, 24 October 2024 01:12 PM
කෙහෙළිය රඹුක්වැල්ලගේ නම ගැලපෙන්නේ වෛද්‍ය විද්‍යාලයකට. ප්‍රසිද්ධ කොම්පැණි හදන බෙහෙත් එයා ලංකාවේ ගෙයි පිලිකන්නේ තියාගෙන හදපු ගෞරවයම මදිද…?
ගමේ එකාලා Thursday, 24 October 2024 03:37 PM
මල් ශාලාවකට ඔය නම දැම්මා නම් හොඳ නැද්ද.?