IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


කෘෂී අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

(අංජුල මහික වීරරත්න සහ ළහිරු හර්ෂණ)

මහ කන්නයට පෙර පොහොර ප්‍රශ්නය විසඳන්නැයි ද කෘෂි වන්දි ගෙවීමට  චක්‍රලේඛයක් නිකුත් කරන්නැයි ද කියමින් ගොවීහු පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශය ඉදිරිපිටදී අද (21)පෙරවරුවේ උද්ඝෝෂණයක් කළහ.

බත්තරමුල්ලේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශයට විරෝධතා පෙළපාළියකින් පැමිණි ඔවුහු ගොවීන්ගේ ප්‍රශ්න වලට වහා විසඳුම් දෙන ලෙස කියමින් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණය කළහ.

"සියලු ගොවීන්ට වන්දි දියව්" "භූගත ජලයට මීටර එපා" "සමාගම් ග්‍රහණයෙන් ගොවියා නිදහස් කරනු" "කුණුගොඩවල් එපා. ප්‍රමිතියෙන් යුතු පොහොර දියව්!"කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා සහන ලබා දෙනු"කෘෂිකර්මයේ තීන්දු තීරණ ගැනීමේදී කෘෂි විශේෂඥයන්ගේ හා ගොවීන්ගේ ජාතික සභාවක් පිහිටවනු" "අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුම් ලබාදෙනු" ආදී ඉල්ලීම් රැගත් පුවරු රැගෙන ගොවීහු මෙම උද්ඝෝෂණය කළහ.

ගොවි ජාතික සමුළුව මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර කෘෂිකර්ම අමාත්‍යංශය ඉදිරිපිටට පැමිණි ගොවීන් පැවසූයේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ සාකච්ඡාවක් අවශ්‍ය බවයි.

පැයක පමණ කාලයකින් පසුව ගොවීන්  විසි දෙනකුට පමණ කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබුණු අතර කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසුයේ පැයකට ආසන්න කාලයක් කෘෂිකර්ම අමාත්‍යවරයා සහ ගොවීන් අතර සාකච්ඡාව පැවති බවයි. 

පොහොර  ප්‍රශ්නය ඇතුළු ගොවීන්ට ඇති ගැටලු  මෙහිදී කෘෂිකර්ම අමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති අතර ගොවි ගැටලු සියල්ල  කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා පොරොන්දු වූ බව අමාත්‍යංශ ප්‍රකාශකයෙක් කීය.

කෘෂි ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මෙහි දී කෘෂිකර්ම අමාත්‍යවරයා ගොවීන්ට දැනුම් දුන් බව කී අමාත්‍යංශ ප්‍රකාශකයා ගොවීන් සමඟ පැවැති සාකච්ඡාව සාර්ථක වූ බව ද සඳහන් කළේය.



අදහස් (0)

කෘෂී අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site