IMG-LOGO

ක්ෂීරපථයේ කැරැකෙන අසාමාන්‍ය වස්තුවක්

ක්ෂීරපථයේ, ඈතින් බමනය වන ‘අසාමාන්‍ය වස්තුවක්’ හමුවී ඇතැයි ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණිය හැඳින්වෙන්නේ ‘ක්ෂීරපථය’ හෙවත් ‘කිරි සයුර’ යන නමිනි.

මෙම ‘අසාමාන්‍ය’ වස්තුව පිළිබඳ පළමුවෙන් හෝඩුවාවක් සොයා ගෙන ඇත්තේ විශ්වයෙන් පැමිණෙන ගුවන් විදුලි තරංග අධ්‍යයනය කරමින් සිටි විශ්ව විද්‍යාල සිසුවකුටය. මෙම සිසුවා උපාධි නිබන්ධනයක් සකස් කරද්දී, අහඹු ලෙස එම සොයා ගැනීම සිදු කර ඇත. ඔස්ට්‍රේලියා තාරකා විද්‍යාඥයන් එක් වී, අසාමාන්‍ය වස්තුව ගැන උනන්දු වී, එය කුමක්දැයි සොයා බැලීමට යොමු වූයේ ඉන්පසුවය.

විශ්ව විද්‍යාල සිසුවා එම ‘අසාමාන්‍ය’ වස්තුව සොයා ගෙන ඇත්තේ පැයකට වරක් එම වස්තුවෙන් නිකුත් කෙරෙන රේඩියෝ තරංග හසු කර ගනිමින් ඒවා අධ්‍යයනය කළ බැවිනි. රේඩියෝ තරංග හසු කර ගැනීමට මෙම සිසුවා සමත් වී ඇත්තේ බටහිර ඔස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශයේ පිහිටි ‘මචිසන් වයිඩර්ෆීල්ඩ්’ තාරකා දුරේක්ෂය ආධාරයෙනි.

“රේඩියෝ තරංග නිකුත් කිරීම නොකඩවා එකම වේලාවක සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් රේඩියෝ තරංග විහිදීමක් සිදුවන්නේ අඳුරු තාරකාවන්ගෙන්. ඒත් හරියටම එකම වේලාවක මේ අයුරින් සංඥා නිකුත් වීමක් මීට පෙර වාර්තා වී නැහැ.” තාරකා භෞතික විද්‍යාඥ නතාෂා හර්ලි වෝකර් පැහැදිලි කර තිබේ. ක්ෂීරපථයේ, ඈතින් බමනය වන අසාමාන්‍ය වස්තුව කුමක්දැයි සොයා බලන තාරකා විද්‍යාඥ කණ්ඩායමට නතාෂා හර්ලි වෝකර් ද අයත්ය.

(රොයිටර්/එන්.ඩී.ටීවී.)



අදහස් (3)

ක්ෂීරපථයේ කැරැකෙන අසාමාන්‍ය වස්තුවක්

JAYATH Thursday, 27 January 2022 01:18 PM

අනිවාර්යයෙන්ම චිචී ගේ රොකට්ටුවේ හංගපු මේ රටේ ප්‍රශ්න වලින් වෙන්න ඇති !

:       7       12

only 18 Thursday, 27 January 2022 01:29 PM

ඕකට කියන්නෙ සීතාගේ ''කිරි සයුර'' කියාය. රාවනා විසින් කිරි සයුර පැයකට වරක් කලඹන විට ඇසෙනා ශබ්ඳය මේ විද්‍යාඥ කණ්ඩායම රේඩියෝ තරංග කියා වැරඳීයට වටහාගෙන. ඹය තාරකා දුරේක්‍ෂයෙන් හරියට බැලුවොත් රාවනා විසින් කිරි සයුර කලඹන විඳිහත් බලාගැනීමට පුලුවන්.

:       14       17

Dasa P Thursday, 27 January 2022 11:51 PM

විශ්වය පුරා විහිදී ගිය පොදු ජන ජය රාවය නැවත නැවත දෝංකාරය වෙනවා වෙන්නත් පුළුවන්.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 238 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 118 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1731 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site