IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


කෝවිඩ් - 19 මර්දන එන්නත මෙරටදීම නිෂ්පාදනයට

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත.

ඒ සඳහා සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට  විශේෂ කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිව තිබේ.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව,සිනොවැක් බයෝටෙක් සහ කෙලුන් ලයිෆ්සයන්සස් සහ පුද්ගලික සමාගම එක්ව කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට එමගින් යෝජනා කර ඇත .

 



අදහස් (31)

කෝවිඩ් - 19 මර්දන එන්නත මෙරටදීම නිෂ්පාදනයට

de silva Wednesday, 19 May 2021 02:22 AM

කර්මාන්ත ශාලා හදලා ඕවා මෙහෙ නිෂ්පාදනය කරන කොට මාස 06ක් වත් අඩුම තරමේ ගතවේවි. කරුණාකර එන්නත් දැනට නිෂ්පාදනය කරන සමාගමකින් ඇණවුම් කර ඉදිරි මාස 2-3 තුළදී ජනගහනයෙන් 30%ක් වත් එන්නත් කරගන්න බලන්න. නැතිනම් වෙන්නේ මහා විනාශයක්... මේක ජීවිතය සහ මරණය අතර සටනක්.. මේ වෙලාවේ කල්ගතවන, මිල අධික සහ අපහසු තීරණවලට යන්න එපා...

:       8       25

යෝගා Wednesday, 19 May 2021 12:14 PM

කෝවිඩ් 19 සඳහා වන කොයි එන්නතත් අවුරුදු පතා බූස්ටර් එකක් වශයෙන් සැම දෙනාටම ලබාගන්න වෙනවා. ගැලවීමක් නෑ. එ් නිසා මෙය හොඳ තීරණයක්...

:       3       13

NishanThursday, 20 May 2021 08:00 AM

නෑ නෑ ඒක දෙන්නෙත් ජෝජ් ස්ටුවර්ට්ට... එයාලාට බිස්නස් හදන්න තමයි මේ ඔක්කෝම නැතුව මේ මිනිස්සුන්ට ආදරේට නෙවෙයි...

:       2       2

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 19 May 2021 02:50 AM

විද්වතුන් කොතෙක්වර පෙන්වා දුන්නත්, සංචරණ නීති නොදමා ලෙඩේ බෝවෙන්නට ඉඩ හැරියේ මේ බිස්නස් එකට පසුබිම හදාගන්න වත්ද? අනේ මන්දා ... දෙවියෝ දනී.අපි නොදනී.

:       19       28

සිරිබිරිස් Wednesday, 19 May 2021 03:14 AM

ඇන්ටිජන් එක්කෙනාද හදන්නේ ?

:       14       23

වර්ණකුලසූරිය Wednesday, 19 May 2021 03:28 PM

එයත් පැත්තකින් ඇති. කාලිමෑනියෝ, රාජකීය වෛද්‍යතුමා, ධම්මික වෙදතුමා වගේම මහාචාර්ය ජයසුමන ඇමතිතුමාත් නිෂ්පාදන බලකායට ඇති. සාදික්කා වගේ ඇට අඹරන්න විමල් වීරවංශ ඇමතිතුමා යන්ත්‍ර ලබා දේවි. පැන් කල ගංගාවලට දමන්න වගේ සේවාවන් පළපුරුද්දෙන්ම අපේ සෞඛ්‍ය ඇමතිතුමිය, ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග ඇමතිතුමන්ලා උපරිම සේවය ලබා දෙනවා. එන්නත නැති නම් එන්නත් "කොක්ටේල් " එකක් හරි අපේ ගරු සෞඛ්‍ය අැමතිතුමිය එකතුවෙලා අපට හදලා දෙනවා සිකුරුයි.

:       0       0

mohamed Wednesday, 19 May 2021 03:26 AM

කාව රවට්ටන්ද? ලංකාවේ ජනතාව හැමදාම රැවටුණු එක තමයි වුණේ..

:       16       30

Weerasekara Wednesday, 19 May 2021 03:30 AM

රට මේ වගේ බැරෑරුම් අවස්ථාවක තියෙද්දි මේ ආකාරයේ විහිළු රටට සැපයීමෙන් රටවැසියා ප්‍රීතිමත් කිරීමට ඇමතිතුමිය ඇතුළු රජය ගන්නා උත්සාහයන් අප ඉතාමත් අගය කළ යුතුමයි.

:       18       34

janahitha UAE Wednesday, 19 May 2021 03:36 AM

පමාවී හෝ ගත්ත ඉතාමත් හොඳ පියවරක්... කැබිනෙට්ටුවේ ඉන්න බහුතරයක් වයෝවෘද්ධ නිසා නව නිපැයුම් ගැන අදහස් ඉදිරිපත් නොවේ. ඔවුන් යොමු වන්නේ.. සහන මලු, පොල්ගෙඩි මැනීම් වලට... ඡන්ද දායකයන් වෙනුවෙන් වාරණ නියෝගය ඉවත් කිරීම වැනි යල් පැනගිය පියවර පමණි.

:       6       28

Puppa Wednesday, 19 May 2021 10:58 AM

මේ පට්ටපල් බොරු. දේශ පාලුවා කිව්ව ගමන් මේ ගොල්ලෝ පත්තරේ දාන්නේ. වැඩේ කෙරුණා වගේ.. අනේ අපට ගිය කලක්...

:       8       23

bandu gu Wednesday, 19 May 2021 03:41 AM

සහන මලු සහ පොල්ගෙඩි මැනුම් යන්ත්‍ර ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇත...

:       15       20

jayasekara Wednesday, 19 May 2021 04:01 AM

සර්.., අසමත්ලු.. !! 

:       17       18

Rata Perata Wednesday, 19 May 2021 06:28 AM

සැමන් ටින් එකක් හදාගන්න බැරුව. රට චීනාට විකුණන්න සැලසුම් හදන ආණ්ඩුවක්... දැන් කෝවිඩ් එන්නත හදනවලු. හැමදාම කළේ රඟපෑම් විතරයි. ඒත් දැන් මේ සෙල්ලම් කරන්නේ මිනිස් ජීවිත එක්ක කියලා තේරෙන්නේ නැද්ද? මේ කාලකණ්ණින්ට...ඕවා හදන්න දේශපාලකයින්ට කොමිස් එහෙම ගණන් හදලා එනකොට තව දාහක් දෙදාහක් මැරිලා තියෙයි.

:       15       49

banda Wednesday, 19 May 2021 06:57 AM

මේක පැණි ධම්මිකට දුන්නා නම් පට පට ගාලා හදලා දේවි...!!! 

:       10       47

banda Wednesday, 19 May 2021 07:03 AM

එන්නත මෙරටදීම හදලා දෙනකොට රෝගීන් මැරුණු තැන් වල ගසුත් පැළවෙලා තියේවි. මේවට අපි කොහෙන් හිනා වෙන්නද?

:       14       50

mihira Wednesday, 19 May 2021 07:06 AM

මෙයාලා දවල් හීන දකිනවා. මෙහෙ මිනිස්සු මැරෙනවා. ඇල්පෙනෙත්තක් හදන්න බැරිව රට වටේට මුහුද තිබිලා සැමන් රටින් ගේන අය කියනවා. වැක්සීන් හදනවලු... මොන කතාද මේ.. දෙයියනේ...!!! 

:       13       46

Nilupul Wednesday, 19 May 2021 07:29 AM

අඩුම ගානේ මේ ගැන වෙබ් පිටුවක් වත් නැහැ. මෙය තවත් නාට්‍යයක් විය හැකියි.

:       18       59

sena Wednesday, 19 May 2021 07:43 AM

තව කොච්චර කාලයක් යයිද ඕක මිනිස්සුන්ට ලැබෙන්න..?

:       8       32

siri Wednesday, 19 May 2021 08:46 AM

"චීනෙන් නිකන් දෙනවා නම් හොරිත් හොඳයි, නිකන් ඉන්න එකේ කහ කහ ඉන්න" කියලා හිතන්නේ නැතුව ඕක හදන්න පටන්ගන්න කලින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙනකල් හිටියොත් නරකද?

:       12       27

රනේ Wednesday, 19 May 2021 09:21 AM

කෝවිඩ් අද, හෙට ඉවර වෙන්නේ නැති බව අවබෝධයට ගන්න. එන්නත වාර්ෂිකව ගන්න වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.

:       3       20

pakeer Wednesday, 19 May 2021 09:44 AM

මේකෙ ප්‍රතිචාර දැක්කාම තේරෙනවා.., අපිට රට ගැන තියෙන ආකල්පේ. ඒ කියන්නේ ලංකාවේ ඉන්නේ මුකුත් කරගන්න බැරි බූරුවන් වගේ ජාතියක් කියලා.. ඒක ඇත්ත. අපි මහ බූරුවන්... සුද්දො නැතිනම් මුකුත් නැහැ.

:       2       43

RaveendraWednesday, 19 May 2021 10:22 AM

ඇත්තෙන්ම ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. අප රටේ වැඩි පිරිසක් ඕනෑම දෙයක් දෙස බලන්නේ ඒ ඒ අය වන්දනාමාන කරන ගොන්, තකතීරු පක්ෂවලට අදාළ වර්ණ කන්නාඩි පැළඳගෙනයි. එබැවින් තමන් උපන් රට නොව පෙරට එන්න තමන් උදේ, සවස වඳින බූරු පක්ෂවල ඍණාත්මක අදහස්මය. කුමක් හෝ හොඳ දෙයක් නම් එය අප පක්ෂ බේදයකින් තොරව අප උපන් රට ගැන සිතා ධනාත්මක අදහස් ප්‍රකාශ කිරීමට සැමටම ඥානය පහළ වේවා...!!!

:       3       27

විපරමා Wednesday, 19 May 2021 09:54 AM

..රටේ තියෙන සම්පත්වලින්වත් හරියට වැඩක් ගන්න බැරුවයි ඉන්නේ. කටින් බතල හිටවනවා.

:       12       12

Raveendra Wednesday, 19 May 2021 09:55 AM

ඇත්තෙන්ම අපට කළ හැකි නම් ඉතාමත්ම හොඳයි.. මොකද මෙය අද හෙට ඉවරවෙන දෙයක් නොවෙන බවට පැහැදිලි පරිසරයක් තිබෙන බැවිනි. එබැවින් කටින් නියඟලා වැල් හිටවනවට වඩා, විච්චූරණ කැටයම් සංදර්ශන වලට වඩා සෙමින් හෝ වැඩේ පටන් ගත්තොත් රටට හොඳයි...

:       2       20

ana Wednesday, 19 May 2021 10:13 AM

ඇත්තටම බැලුවොත් ලංකාවේ මිනිස්සු රටට අාදරේ නැහැ තමයි. ඒක සෑම සිද්ධියකදීම පේනවා. ඒ නිසා අපි හැමදාම එකතැන ඉන්නවා. දේශපාලකයොත් ජනතාව විදිහට අපිත් වැරැදියි. ඔය දේශපාලකයින් තෝරාගත්තෙත් ගේ ළඟ පාරට තාර දාගන්න, රස්සාවක් ගන්න, ස්ථාන මාරුවකට සපෝර්ට් ගන්න, කොන්ත්‍රාත් එකක් ගන්න වගේ දේවල් හිතලා. රට ගැන, රට පාලනය ගැන සාධාරණ සමාජයක් ගැන හිතලා ඡන්දේ දුන්නා නම් අඩු ගානේ ඡන්දෙදීවත් රට ගැන හිතුවා නම් මේ වන විට අපි එන්නත් සොයා ගන්න රටක්...

:       1       21

fairoos Wednesday, 19 May 2021 10:18 AM

බයියන් සතුටු කරවන ප්‍රවෘත්තියක්... හොඳ වෙලාවට යහපාලන ආණ්ඩුව නැත්තේ? නේද බයියෝ..?

:       13       15

NishanThursday, 20 May 2021 08:02 AM

බයියන්ට වඩා ආණ්ඩුවේ හිතමිතුරු ජාවාරම් කල්ලිය සතුටු කරන්නයි ඕක කරන්නේ....

:       1       1

ඤාණදාස රන්මුතු Wednesday, 19 May 2021 11:50 AM

මිනිස් ජීවිතය සමග සෙල්ලම් කරමින් ඉඳලා දැන් තමයි වැක්සින් හදන්න මතක් වෙලා තියෙන්නේ. අපේ රටට වැක්සින් ගෙන්න ගන්න වැඩපිළිවෙළක් කඩිනමින් සකස් කරන්න කියලා විපක්ෂ නායක පාර්ලිමේන්තුවේදී කීවම ඇතැම් මෝඩ මන්ත්‍රීවරු ඒක විහිළුවකට ලක් කළා. දැන් තේරෙනවානේ එදා කියපු කථාව හරි කියලා.

:       4       14

Lakvidu Wednesday, 19 May 2021 12:25 PM

සිනොවැක් කියන්නේ සාර්ථක තත්වය 50% -60%ත් අතර තියෙන එන්නතක්...!!!

:       4       7

Pra Thursday, 20 May 2021 02:13 AM

රනිල්ගේ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව වගේ තමයි.

:       0       0

Nishan Thursday, 20 May 2021 08:07 AM

ඔව් ඔව්.., ඒකත් ටෙන්ඩර් නැතුවම ජෝජ් ස්ටුවර්ට්ට දෙයි. එයාට අමතරව ඇවන්ට්ගාඩ් මුදලාලි හදයි ෆැක්ටරියක්. දෙන්නම ගජමිතුරු කල්ලියේ....

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 348 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 1282 3

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 229 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 295 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම



කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
2025 මැයි මස 02 1387 1

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 473 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 123 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1144 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site