IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්

(සුජිත් හේවාජුලිගේ සහ ගයාන් සූරියආරච්චි)

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මාවර මණ්ඩිය කිරිබත්ගොඩ කිරිල්ලවල මීගමුව ගම්පහ කැලණිය වත්තල ඇතුළු ප්‍රදේශ දහයක් මෙලෙස හදිසියේ වටලා සෝදිසි කර ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

ප්‍රසන්න රණවීර මහතා සෙවීම සඳහා විවිධ වෙස් ගැන්වූ බුද්ධි අංශ කණ්ඩායම් කිහිපයක්ද ප්‍රදේශ කිහිපයකට යොමු කර ඇති බව පොලිසිය පවසයි.

මේ අතර පාතාල නායක ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ උසාවි සංකීර්ණයේ දී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටින ඉෂාරා සෙව්වන්දි  නමැත්තිය සොයා ගැනීමටද  දිවයින පුරා විවිධ ස්ථාන දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් පරික්ෂා කර ඇතත් ඇය ගැන ද කිසිදු හෝඩුවාවක් නැතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

එම දෙදෙනාම අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ දිගටම කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

හිටපු රාජ්‍ය  අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පසුගිය මාර්තු මස 7 වැනිදා සිට අතුරුදන්ව සිටින සිටින අතර ඔහු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති  කාලය ඉෂාරා සෙව්වන්දී  නැමැත්තිය ගනේ මුල්ල සංජීව පාතාල නායකයාට වෙඩි තැබීමේ සිද්ධියවූ පසුගිය පෙබරවාරි 19 වැනි දා සිට අතුරුදන්ව සිටින අතර ඇය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය මාස දෙකකට වැඩිය.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පුවකින් අලෙවි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහර මහේස්ත්‍රාත් කාංචනා නිරන්ජලා ද සිල්වා මහත්මිය හිටපුරාජ්‍යමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට පසුගියදා  නියෝගයක් නිකුත් කළාය.

ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් ඔහුගේ කැලණිගේ නිවසට ඉකුත් මාර්තු 6 වෙනිදා ගිය අවස්ථාවේදී ඔහු නිවෙසින් පලා ගොස් සිටියේය



අදහස් (5)

ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්

Gamini Friday, 02 May 2025 03:45 PM

අනේ අපොයි මෙහෙමත් කෝලම්...!

:       3       22

C.K.Lankaputhra Friday, 02 May 2025 03:50 PM

රණවීර ඉන්න තැන සමහර අය දන්නවාලු. හැබැයි කවුරුවත් එතැනට යන්න බයයිලු. ඒ තරමට එයාව ආරක්ෂා කරන කෙනා බලවත්ලු. ඉන්න ගේ හරි විශාලයිලු...

:       6       25

Vimal Friday, 02 May 2025 04:10 PM

හාවගේ වගේම ප්‍රසන්න, ලස්සන මුහුණක්...

:       5       15

ගුණරත්න Friday, 02 May 2025 05:38 PM

ආණ්ඩුව ෆේල්. ෆේල් කියන්නේ මාස 6න් මෙහෙම අප්‍රසාදයට පත්වුණු එකම ආණ්ඩුව මේක. පොලිසිය ගැන විශ්වාසය බරපතල ලෙස බිඳ වැටිලා තියෙනවා. මාධ්‍යවේදියෙක්ටත් බලපෑම් කරලා කියලා අහන්න ලැබුණා. ටික ටික පරණ ට්‍රැක් එකට වැටිලා තියෙන්නේ...

:       37       22

Nelu Friday, 02 May 2025 05:41 PM

ප්‍රසන්න නම් මොකද? වැඩිම වුනොත් කාට හරි මිරිස් කුඩු ටිකක් ගහයි. අර අවුරුදු 24 කෙල්ල එක්ක නම් ලේසි නෑ. ඊගාවට කාව මරවයිද දන්නේ නෑ. ඇත්තට අප්පා නිකං ආණ්ඩුවක් නෙවෙයි... 1980 ගණන් අන්තිමේදී තුණ්ඩු කෑල්ලෙන් රට ඇරපු වහපු පක්ෂයක් බලයේ ඉන්න ආණ්ඩුවක් වුණත් මේ පොඩි කෙල්ලෙක් නිසා දෙකේ කොලේට වැටුණා නේද?

:       30       25

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දුම්රිය ටිකට් විභාගකරු අල්ලස් දැලේ කොටුවේ
2025 මැයි මස 02 612 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි


එ’ජා වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා අනුර
2025 මැයි මස 02 701 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.


‘‘සරසවි සිසුවාගේ මරණය ගැන කඩිනමින් කරුණු සොයනවා‘‘
2025 මැයි මස 02 289 0

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්


නවක වධයට එරෙහි වූ ජපුර සරසවි සිසුවකුට පහරදීලා
2025 මැයි මස 02 945 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප


යුද හමුදා බාරයට ගත් LTTE යේ රත්රන් භාරදෙයි
2025 මැයි මස 02 1217 0

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි


පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 388 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 504 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 134 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1154 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site