
(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ සිසුවියකට නවකවදය දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් සිසුන් සිව් දෙනා මේ මස 16 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය පළාත්බද මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා අද නියම කළේය.
එලෙස බන්ධනාගාර ගතවූයේ මාරස්සන ප්‍රදේශයේ එරංග කනිෂ්ක බණ්ඩාර, වැලිගල්ල පදිංචි සිසිර දසුන් වීරසිංහ, රඹුක්කන පදිංචි තිමිර ජයනාත් හා නිකවැරටියේ කාවින්දි අප්සරා නැමති එම කාර්මික විද්‍යාලයේම සිසුන් තිදෙනෙකු හා සිසුවියෙකි.
නවකවදය විඳදරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් දිවි හාණිකර ගන්නට වැවට පැන්න බව කියන සිසුවිය මේ වනවිටත් කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නීවාසික ප්‍රතිකාර ලබයි.
මෙහිදී කරුණු දැක්වූ කුලියාපිටිය පොලිසිය රෝහල් ගතව ප්‍රතිකාර ලබන දැරිය මෙම සිදුවීම් මාලාව හේතුවෙන් දැඩි කම්පාවට පත්ව සිටින බවයි.
එමෙන්ම ශාරීරිකව හා මානසිකව විවිධ වධ හිංසා පමුණවා තිබූ බවට දැරියගේ ප්‍රකාශ අනුව හෙළිවූ බවත් වින්ධිත දැරිය ඒ පිළිබඳ ගුරුවරුන්ට හා සිය ඥාතීන්ට පවසා ඇති බවත් කරුණු අනාවරණය වූ බවද පැවසීය.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුලියාපිටි නවකවද සිද්ධියේ සිසුන් රිමාන්ඩ් බාරයට
Pradeep Kumara Wednesday, 04 June 2025 09:16 PM
රිමාන්ඩ් කරලා මදි, මොවුන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරලා දාන්නත් ඕනෑ. මානසික ලෙඩ්ඩු
pakeer Wednesday, 04 June 2025 09:36 PM
අන්න එහෙම නම් දාන්න. ඔය වගේ අය රස්සාවල් හොයන් එනකොට දෙන්නම්... වැඩේ. අනික මේ කාර්මික විද්‍යාලවල ඉන්න අය. මොවුන් හරියට විභාග පාස් වෙලාවත් නැති අය.
Bunny Preena Thursday, 05 June 2025 09:28 AM
මොවුන්ට කිසිම සමාවක් නොදිය යුතුයි. ඉදිරියේදී මෙවැනි දේවල් සිදු නොවීමට නම් මොවුන් විශ්ව විද්‍යාලයෙන් නෙරපා දමා බන්ධනාගාරගත කළ යුතුයි... විශ්ව විද්‍යාලය වැනි උතුම් පුරවැසියන් බිහි කරන මෙවැන්නන් සුදුසු නැත.