IMG-LOGO

කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ පැනවූ සීමා ලිහිල් කෙරේ

කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉන්දියාව දේශ ව්‍යාප්තව ක්‍රියාත්මක කළ අගුලු දැමීමේ සීමාවලට අදාළව පැනවූ ඇතැම් සීමා ලිහිල් කිරීමට පියවර ගෙන ඇත.

මෙම සීමා ලිහිල් කිරීම් වැඩි සංඛ්‍යාවක් ජාතික ශ්‍රම බලකායෙන් අඩකට වැඩි සංඛ්‍යාවක් නියුතු කෘෂිකාර්මික ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළව ඒවා ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව වගා කටයුතු, ධීවර කර්මාන්තය හා වැවිලි ක්ෂේත්‍රය වෙනුවෙන් සීමා ලිහිල් කර ඇත.

මේ යටතේ මෙම කර්මාන්තවල සැපයුම් දාමය යළි සක්‍රීය කෙරෙන අතර නිෂ්පාදන ගම්වලින් නගර කරා ගෙනයාමට ප්‍රාන්ත සීමා හරහා රථ ධාවනයට ද අවසර ලබා දී ඇත.

මීට අමතරව ග්‍රාමීය ප්‍රදේශවල මාර්ග ඉදිකිරීම හා ජල සැපයුම් වැනි අත්‍යවශ්‍ය පොදු ව්‍යාපෘතිද දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග යටතේ නැවත ආරම්භ කෙරේ.

මෙම ව්‍යාපෘති දෛනික වැටුප් ලබන පුද්ගලයින් දහස් ගණනාවකගේ රැකියා අවශ්‍යතාව සපුරන අතර ගොවීහු ද අතිරේක ආදායමක් මෙමඟින් අපේක්ෂා කරති.

බැංකු, රෝහල්, ඖෂධ අලෙවි සැල් හා රජයේ කාර්යාල ද විවෘතව පවතිනු ඇති අතර ජල නල කාර්මිකයින්, විදුලි වැඩ ශිල්පීන් හා වඩුවන් වැනි ස්වයං රැකියාවල නියුතු වූවන්ට ද රැකියාවල නියැලීම සඳහා අවසර හිමිවේ.

වෛරසය පැතිරීමට දැඩි අවදානමක් නැතැයි හඳුනාගෙන ඇති ප්‍රදේශවල ඇතැම් සේවාස්ථාන ද යළි විවෘත කළ හැකිය.

එහෙත් සියලු ව්‍යාපාරික කටයුතුවලදී සමාජ දුරස්ථතා උපදේශන අනුගමනය කළ යුතු වේ.

සීමා ලිහිල් කිරීම පිළිබඳ තීරණ ප්‍රාන්ත ආණ්ඩු විසින් ගනු ඇත.

කෙසේ වුවත් දිල්ලි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය අර්වින්ද් කෙජ්රිවාල් මහතා ඇතුළු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ප්‍රකාශ කර ඇත්තේ සිය ප්‍රදේශවල කිසිදු සීමාවක් ලිහිල් නොකරන බවයි.

-226-

(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

කොරෝනා හේතුවෙන් ඉන්දියාවේ පැනවූ සීමා ලිහිල් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 489 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 654 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 270 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site