IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


කොරෝනා වයිරසයට වැසුණු සීතල යුද්ධය

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයක් මෙන්ම ලෝක දේශපාලනය තුළ බල අරගලයක් ද නිර්මාණය වී තිබේ. මෙම අර්බුදය නිර්මාණය වී ඇත්තේ ලෝක බලවතුන් දෙදෙනා වන ඇමෙරිකා එක්සත් ජනපදය සහ චීනය අතරයි.

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ ආරම්භ වූයේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙනි. එසේ වුවත් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ නව කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදය බවට පත්ව තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවත් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් කලින් අනතුරු ඇඟවූයේ නැති බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම චෝදනා කළේය. ඉන් පසුව ලෝක සෞඛ්‍ය සංවිධානයට කරන මූල්‍ය ප්‍රදාන තාවකාලිකව අත්හිටුවීමට ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පියවර ගත්තේය.

මේ තත්ත්වයත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ල වීමට පටන් ගෙන තිබේ. කෙසේ නමුත් මූල්‍ය ප්‍රදාන කපාහැරීමට හෝ එකිනෙකාට චෝදනා කිරීමට මෙය සුදුසු කාලය නොවන බව ලොවපුරා බොහෝ දෙනා අදහස් ප්‍රකාශ කළහ.

 

ප්‍රශ්න විසඳා ගත යුත්තේ ලොවම එක්වී කොරෝනා වසංගතය පරාජය කිරීමෙන් පසුව යැයි එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් අවස්ථා කිහිපයකදීම අදහස් දක්වමින් අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධයෙන් ගැටලු ඇති බවත් එය ප්‍රතිසංස්කරණය කළ යුතු බවත් පෙන්වාදුන් ලොව සෞඛ්‍ය විශේෂඥයෝ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම හෝ ඊට ලබාදෙන ආධාර හා මූල්‍ය ප්‍රදාන නැවැත්වීම හෝ මේ අවස්ථාවේදී නොකළ යුතු බව ද පෙන්වාදුන්හ.

ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන මූල්‍ය ප්‍රදාන හා ආධාර කපාහැරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයාට ලොව නන්දෙසින් විවේචන එල්ල විය. ලෝ ප්‍රකට ‘මයික්‍රෝසොෆ්ට්’ සමාගමේ සම නිර්මාතෘ මෙන්ම අවස්ථා කිහිපයකදීම ලොව ධනවත්ම පුද්ගලයා බවට පත්වූ බිල් ගේට්ස් ද ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ලෝක සාමය ආරක්ෂා කරගැනීමේ අරමුණින් ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධිත සංවිධානයකි. එමෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරම්භ කිරීමෙන් පසු ආරම්භ කළ එක්සත් ජාතීන්ගේ මුල්ම අනුබද්ධිතවලින් එකකි.

ලෝක සෞඛ්‍ය සංවිධානය ආරම්භ කරන ලද්දේ 1948 වසරේ අප්‍රේල් 7 වැනිදාය. ලෝක සෞඛ්‍ය සංවිධානයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් අනුබද්ධිත සංවිධානවලට මෙන්ම සාමාජික රටවලට සම්බාධක පැනවීමේ නීත්‍යනුකූල බලයක් නැත. ලෝක සෞඛ්‍ය වාර්තාව මෙන්ම ලෝක සෞඛ්‍ය සමාලෝචනය/සමීක්ෂණය කරන්නේ ද ලෝක සෞඛ්‍ය සංවිධානයයි. ඒවා ඔවුන්ගේ වගකීම්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් ගණන 194 කි. 7000 කට අධික පිරිසක් එහි සේවය කරති. සංවිධානය ස්ථාපිත කිරීමෙන් අනතුරුව වසූරිය ලෝකයෙන් තුරන් කිරීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය. එමෙන්ම වර්තමානය වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය එච්.අයි.වී./ඒඩ්ස්, ඉබෝලා, මැලේරියාව මෙන්ම ක්ෂය රෝගයට එරෙහිව සටන්වදී.

නව කොරෝනා වයිරසය ආදී වයිරස හෝ වෙනත් රෝගාබාධ රටක් තුළ හෝ ගෝලීයව පැතිර යන අවස්ථාවේදී එය කළමනාකරණය කිරීමේදී රට රටවල් සම්බන්ධීකරණය කිරීමේදී තොරතුරු හා තාක්ෂණික දැනුම බෙදාහදා ගැනීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වගකීමක් ගනී.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වත්මන් අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරන්නේ වෛද්‍ය ටෙඩ්‍රෝස් අදනොම් ය. ඔහු අවුරුදු පහක ධුර කාලයක් සඳහා තේරී පත්වූයේ 2017 වසරේදීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී තනතුරට පත්වීමට පෙර හෙතෙම ඉතියෝපියාවේ විදේශ සහ සෞඛ්‍ය අමාත්‍ය ධුර හෙබවීය. වෛද්‍ය ටෙඩ්‍රෝස් 2005 වසරේ සිට 2012 වසර දක්වා ඉතියෝපියාවේ සෞඛ්‍ය අමාත්‍ය ධුරය හොබවමින් එරට සෞඛ්‍ය පද්ධතිය පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක් කළේය.

හෙතෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුල් පුටුවට පත්වූ අවස්ථාවේදී සංවිධානය ප්‍රතිසංස්කරණයකට ලක් කරන බව ද ප්‍රතිඥාවක් ද දුන්නේය. කෙසේ නමුත් ඔහුගේ කාර්යභාරය සම්බන්ධයෙන් ද මේ වනවිට විවේචන එල්ල වී ඇත.

මුල්ම නූතන වසංගතය ලෙස සැලකෙන්නේ චීනයෙන් ආරම්භ වූ ‘සාර්ස්’ වයිරසයයි. 2003 වසරේ ව්‍යාප්ත වූ ‘සාර්ස්’ වයිරසය සාර්ථකව කළමනාකරණය කරගත්තේ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයට නන්දෙසින් ප්‍රශංසා ලැබිණි. 2009 වසරේදී ව්‍යාප්ත වීමට ගත් ‘සූකර උණ’ රෝගය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉක්මන් ප්‍රතිචාර දැක්වූයේ යැයි ද අනවශ්‍ය ලෙස කලබල වූයේ යැයි ද චෝදනා එල්ල විය. ‘සූකර උණ’ රෝගයෙන් අනාවැකි හෝ අනතුරු ඇඟවීම් හෝ පළ කළ අයුරින් ලෝකයට බලපෑමක් වූයේ නැත.

මේ තත්ත්වයත් සමඟ අප්‍රිකාවේ ව්‍යාප්ත වීමට පටන් ගත් ‘ඉබෝලා’ වයිරසය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ‘හදිසි මහජන සෞඛ්‍ය තත්ත්වයක්’ ප්‍රකාශ කළේ වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගෙන මාස පහකුත් ගත වූ පසුවය. ඒ හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට නන්දෙසින් චෝදනා එල්ල විය.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ද ලෝක සෞඛ්‍ය සංවිධානය අසමත් වී ඇතැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා එල්ල කරයි. කොරෝනා වයිරසය සම්බන්ධයෙන් මුලින්ම තොරතුරු වාර්තා වූ අවස්ථාවේදී චීනය ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන්ට වූහාන් නගරයට ඇතුළු වීමට ඉඩ නොදුන්නේය.

කෙසේ නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ බලධාරීන් පසුව වූහාන් නගරයට ගිය අතර කොරෝනා වයිරසය පාලනය කිරීමේදී චීනය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ බවත් ඔවුන් විනිවිදභාවයෙන් කටයුතු කළ බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රෝස් පැවැසීය.

ඇමෙරිකාව ප්‍රමුඛ ඇතැම් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයට චෝදනා එල්ල කරද්දි ලොව බලවත්ම රටවල් 20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවක් විඩියෝ තාක්ෂණය ඔස්සේ මේ සතිය මුලදී පැවැත්විණි. සෞදි අරාබිය මෙවර ජී-20 සමුළුවේ සත්කාරත්වය දරයි. ජී-20 රාජ්‍ය නායක සමුළුව මේ වසරේ නොවැම්බර් මාසයේදී රියාද් නුවර දී පැවැත්වීමට නියමිතය.

විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති ජී-20 රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවට ඇමෙරිකාවේ සෞඛ්‍ය බලධාරීහු කිසිවකුත් සහභාගී නොවූහ. ඇමෙරිකාව මීට පෙර පැවැත්වීමට නියමිතව තිබූ ජී-7 සමුළුව නොපැවැත්වෙන තැනට වැඩ කළේය.

හමුවේ මුලසුන හෙබවූයේ සෞදි අරාබියේ සෞඛ්‍ය අමාත්‍ය තව්ෆීක් අල් රබියාහ් ය. හමුවෙන් පසු මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතව තිබිණි. කෙසේ නමුත් තමුන්ට කොරෝනා වයිරසය පාලනය කිරීමේ සෞදි කාර්ය සාධක බලකායේ රැස්වීමට යා යුතු බව සඳහන් කරමින් සෞදි සෞඛ්‍ය අමාත්‍යවරයා ජී-20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවේ විස්තර දැනුම් දීමට තිබූ මාධ්‍ය හමුව අවලංගු කළේය.

ජී-20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ හමුවෙන් පසු ඡේද හයකින් සමන්විත නිවේදනයක් මාධ්‍යයට නිකුත් කෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය සම්බන්ධයෙන් එහි කිසිදු සඳහනක් නොතිබුණු නමුත් ලෝකය වසංගත සහ අනෙකුත් වේගයෙන් පැතිර යන රෝග පාලනය කිරීමේදී හා කළමනාකරණය කිරීමේදී ආයතනික හා ව්‍යුහගත දුර්වලතා පෙන්නුම් කර ඇතැයි එහි සඳහන් ව තිබිණි.

කෙසේ නමුත් ජී-20 සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ අනුදැනුම ඇති ව කෙටුම්පත් කෙරුණු පිටු 52 ක තොරතුරු මාධ්‍යයට අනාවරණය තිබිණි. ලෝක සෞඛ්‍ය සංවිධානය තවදුරටත් ශක්තිමත් කළ යුතු යැයි එහි දැක්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා දැනුවත් කර තිබුණු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සිටින ඇමෙරිකානු ජාතික නිලධාරීන් පවා මේ සම්බන්ධයෙන් ජනවාරි මාසයේ සිට අනතුරු ඇඟවූ බවත් පසුගිය සති කිහිපයේදී විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි මාසයේදී හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළ අතර, ‘‘පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න, පරීක්ෂා කරන්න’’ (කොවිඩ්-19 පරීක්ෂා කිරීම්) කරන්නැයි සිය සමාජික රටවලට දිගින් දිගටම අවධාරණය කළේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාර්යක්ෂමතාව රඳා පවතින්නේ එහි නායකයා මතය. එහෙත් මේ මොහොත් එහි නායකයට තර්ජනයක් එල්ල වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මුල් කරගනිමින් ලෝක දේශපාලනය තුළ බල අරගලයක් ද නිර්මාණය වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වනවිට දැවැන්ත අර්බුදයට මුහුණ පා ඇති අතර එහි අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇත.

ලෝක බලවතුන් වන ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර ඇති වූ තිබෙන මෙම අර්බුදය හේතුවෙන් අනෙක් රටවල් පැත්තක් ගැනීම හැර වෙනත් විකල්පයක් නැති තැනකට පත්ව ඇත.

විදෙස් වාර්තා ඇසුරිනි

සැකසුම - හර්ෂණ තුෂාර සිල්වා



අදහස් (5)

කොරෝනා වයිරසයට වැසුණු සීතල යුද්ධය

VINIVIDA Wednesday, 29 April 2020 05:19 PM

අමෙරිකා එක්සත් ජනපදය කොරෝනා වෛරසය පිලිබදව කෙලින්ම චෝදනා කරනුයේ චීන රජයට වේ... මේ වනවිට ඇමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන ආධාර නවතා දැමීය.... මේ අතර "G7" කැනඩාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉතාලිය, ඔස්ටෙලියාව සහ ප‍්‍රංශය පසුගියදා තිරය පිටුපස කරනලද සාකච්චාවකින් පසු ගත් තීරණයකදී ලෝකයේ කුඩා රටවලට මේ වනවිට ඇතිව තිබෙන වෛරස තත්වය සලකා ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබාදෙන ආධාර නොනවත්වා පවත්වාගෙන යාමටත් එම ආයතනය ක්‍රියාකාරිත්වය සහ චීනයේ දෙබිඩි පිළිවෙත පිලිබදව ඉදිරියේදී ගැඹුරින් සලකා බැලීමට එකගවී ඇත. මේ වනවිට බ්‍රිතාන්‍ය, ප්‍රංසය, ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව - චීනය සමග ඇති කරගෙන ඇති " INVESTMENTS" පිලිබදව පසුවිපරමක් කරමින් තිබේ. කොරෝනා වෛරසයේ සත්‍ය තොරතුරු සැගවීමට සහ වෛරසය පිළිබදව ලොවට පළමුව හෙලිකල චීන වෛද්‍යවරයාගේ ඝාතනය සහ අනෙක් පිරිසකගේ අතුරුදන් වීම පිලිබදව ලෝකයේ ප්‍රබල රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ චීනය මේ වනවිට බලවත් පීඩනයක් එල්ල කොට ඇත. ලෝකය සමග සම්බන්ධතා ඇති ලංකාවේ දැන උගත් නායකයන් මේ පිලිබදව සොයාබැලීමක් කොට ලංකාව ඉදිරියේදී වැඩි සම්බන්ධතාවයක් පැවැත්විය යුත්තේ කුමන රටවල් කියා තීරණය කලයුතුවේ.

:       95       158

SL Wednesday, 29 April 2020 07:28 PM

ලංකාවෙත් දෙබිඩි පිළිවෙතක් තියෙනවා .පැහැදිලි ඉතිහාසයක් තියෙන ආයුර්වේද හා පාරම්පරික වෙද්දු කිහිප දෙනෙක් තමන්ට ලෙඩේ සුව කරන්න අවස්තාවක් දෙන්න කියද්දීත් උගත් නමුත් කුහකයෝ සෙට් එකක් අවස්තාවක් දෙන්නේ නැහැ .

:       11       71

Champa Wednesday, 29 April 2020 11:50 PM

ට්‍රම්ප්ගේ චෝදනාව විහිළුවක්. 2020 පෙබරවාරි 26 ජේම්ස් ලෝලර් කියල ඇමරිකාවේ නෙබ්රාස්කා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් "කොවිඩ්-19ට සූදානම් වීම" කියල ඉදිරිපත් කරපු ප්‍රසන්ටේෂන් එකක පැහැදිලිවම අනතුරු හඟවලා තියෙනවා මුකුත්ම නොකර හිටියොත් ඇමරිකාවේ මිලියන 4.8ක් ආසදිතයෝ ඉන්න පුළුවන් කියල. පැහැදිලිවම ට්‍රම්ප් දැනගෙන හිටිය කොවිඩ්-19 හින්ද ලක්ෂ ගානක් මිනිස්සු ඇමරිකාවේ මැරෙන්න පුළුවන් කියලා. නමුත් කිසි දෙයක් කලේ නැහැ. චීනෙට එහෙම අනතුරු ඇඟවීමක් තිබුනේ නැහැ. චීනේ ආසාදිතයෝ එකපාරට එක ගොඩට වැඩි වුනේ. නමුත් චීනේ මුලදීම නගර සම්පූරණයෙන් වහල මැරෙන්න තිබුන ගාන අඩු කරගත්ත. නිව්යෝක් ආණ්ඩුකාරය මුලදි ඉල්ලපු උදව් කිසි දෙයක් ට්‍රම්ප් දුන්නේ නැහැ. දැන දැනම ඇමරිකාවේ මිනිස්සු මැරෙන්න ඇරපු එකට ට්‍රම්ප්ට විරුද්ධවයි ජාත්‍යන්තර අධිකරණයක නඩු දාන්න ඕනේ.

:       353       408

Bandara Thursday, 30 April 2020 06:54 AM

විනිවිද ඔයා හරි. දැනටමත් චීනය හුදකලා කිරීමට ප්‍රමාද වැඩි. ඔවුන්ගෙන් තොරව ලෝකයට පවතින්න අමාරුයි. ඔවුන් සූක්ෂම ලෙස ලෙස ලොව ග්‍රහණය කරගෙන හමාරයි. සියලුම දෙනාට නොබෝ කලකින්ම චීන භාෂාව ඉගෙන ගැනීමට සිදුවනු ඇත.

:       150       103

KumarThursday, 30 April 2020 04:07 PM

චිනේ හොදයි යකඩ බඩු පිට රට යවන්න. චීනයට ආහාර වැඩිපුර ගෙනෙන්නේ පිට රටවල් වලින්. චීනය ඉන්ධන ආනයනය කරන්නේ මැද පෙරදිගින්. චීනය නැතිනම් කොරියාව තිබෙනවා. චීනය නැතුව ලංකාවට බැරිවුනාට අපි ඉන්න ඇමෙරිකාවට අමාරුවක් වෙන්නේ නැත. ප්‍රධාන හේතුව ඇමෙරිකා එක්සත් ජනපදය තමන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා අහාර නිෂ්පාදනය කරන නිසා. ඔයා කියන චීනයත් ආරක්‍ෂිත ආයෝජන සුරැකුම්පත් ගන්නේ ඇමෙරිකන් රජයෙන්. වවන්නෝය දිනන්නෝය කියන්නේ කට කසනවාට නොවේ. දේශපානය නිසා අන්ධ වෙන්න එපා.

:       1       17

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 793 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 551 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 317 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 337 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 826 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 399 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 253 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 72 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1102 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site