IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කොරෝනා මඩින්න ගත් ක‍්‍රියාමාර්ග ගැන බුද්ධි අංශ කැබිනට් මණ්ඩලයට පහදයි

(අජන්ත කුමාර අගලකඩ)

කොරෝනා මර්දනය සදහා ගෙන ඇති ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශය කැබිනට් මණ්ඩලයට අද (29) පැයක පමණ පැහැදිලි කිරීමක් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී රාජ්‍ය බුද්ධි අංශයේ ඉහළ නිලධාරීන් පැමිණ කොරෝනා මර්දන වැඩසටහන ගැන ඇමැතිවරුන් දැනුවත් කර ඇත.

කොරෝනා මර්දනය සදහා රජයත්, රාජ්‍ය බුද්ධි අංශයත්, ආරක්‍ෂක අංශ, සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු අනෙකුත් අංශත් පසුගිය කාලය පුරා ගෙන ගිය වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත්, ශ්‍රී ලංකාව තුළ කොරෝනා ව්‍යාප්තිය පාලනය වී ඇත්තේ ඒ නිසා බවත් බුද්ධි අංශ නිලධාරීන් එහිදී පැහැදිලි කළ බව කැබිනට් ප‍්‍රකාශක සහ උසස් අධ්‍යාපන ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.

කොරෝනා මර්දනය ව්‍යාප්තිය පාලනය කර තිබියදී ජා ඇල සුදුවැල්ල ප‍්‍රදේශයේ ඇතිවූ තත්ත්වයක් මත නැවත ව්‍යාප්තවීමක් සිදුවූ බවත් වැලිසර නාවික හමුදා සාමාජිකයන්ට කොරෝනා වැළදීමට එය හේතුවක් වූ බවත් බුද්ධි අංශ නිලධාරීන් එහිදී පැහැදිලි කළ බවද ඇමති ගුණවර්ධන මහතා කීවේය.

ලංකාවේ පළමු කොරෝනා රෝගියා හමුවීමේ සිට අද (29) දක්වා කාලය තුළ මෙරටින් කොරෝනා රෝගීන් හමුවීම, ඔවුන් සොයාගැනීම, බුද්ධි අංශ ගත් ක‍්‍රියාමාර්ග ආදිය ද එහිදී පැහැදිලි කර ඇත.


කොරෝනා ව්‍යාප්තිය මේ වන විට යම් පමණකින් පාලනය වී ඇතැයි බුද්ධි අංශ නිලධාරීන් පෙන්වා දුන් බවද ඇමතිවරයා පැවසීය.



අදහස් (12)

කොරෝනා මඩින්න ගත් ක‍්‍රියාමාර්ග ගැන බුද්ධි අංශ කැබිනට් මණ්ඩලයට පහදයි

jayath Wednesday, 29 April 2020 02:48 PM

ඔව් ඒ දරුණු සුදුවැල්ලේ අතපසුවීම උනේ නැත්නම් අද අපි හොඳ තැනක...

:       75       104

ranaThursday, 30 April 2020 02:40 AM

ඕක අතපසුවීමක් නොවේ කල්පනා ධාරාව අඩුවක් .

:       1       1

[email protected]Thursday, 30 April 2020 03:38 AM

එතකොට ඔය සුදුවැල්ලේ කුඩු කාරයට ඕක ඉබේම හැදුනද ? ඕව නිකන් අතපසුවීම් වහගන්න ගෙනියන කතා.

:       2       47

karuThursday, 30 April 2020 09:17 AM

සුදුවැල්ලේ මතට ඇබ්බැහිවුන රෝගියාට කුඩු බෙදුවේ කවුද...? ඒ කුඩු ලංකාවට ගෙනාවේ කවුද...? උත්තරය ශ්‍රී ලංකාවේ දේශපාලුවෝ... හෙන ගහන්න ඕනා.

:       0       85

Raja Wednesday, 29 April 2020 02:53 PM

නාවික හමුදා සෙබළුන්ට මෙය අසාදනය වීම වලක්වා ගත හැකි වුයේ නම් ලංකාව කොරෝන වැලැක්වීම අතින් මීට වැඩ ඉදිරියෙන් සිටීමට ඉඩ තිබුණි.

:       60       107

සමන්ත Wednesday, 29 April 2020 02:53 PM

කොරෝනා ගැන කතා කල යුත්තේ සෞඛ්‍ය අංශ සමග මිස ආරක්ෂක අංශ සමග නොවේ. කොරෝනා ගැන හෝ එහි ව්‍යාප්තිය ගැන හෝ බුද්ධි අංශ දන්නා දෙයක් නැත. ඒවා ගැන විමසිය යුත්තේ විද්‍යාත්මක කරුණු පදනම් කොටගත් අංශ සමගය. එහෙත් මෙවැනි අයඉන්න ඕනෑම මන්ඩලයකට එයිට වඩා කල හැකි යමක් නැත. තේරෙන්නේද නැත.

:       1205       596

JagathWednesday, 29 April 2020 11:48 PM

ඔබ සමග මම 100% එකගයි. එහෙම බුද්ධි අංශ පාවිච්චි කරලා මේක කරන්න පුලුවන් නම් FBI තියන USA ට මෙහෙම වුණේ කොහොමද?

:       1       37

gama Wednesday, 29 April 2020 02:56 PM

මේ කථාව මට කිව්වේ මගේ ලොකු තාත්තා. ඒ කියන්නේ මගේ තාත්තගේ ලොකු අයියා. මට මතක විදියට අවුරුදු 45 කට විතර එහා. මගේ ලොකු තාත්තා තනිකඩයි. ඔහු හිටියේ වෙනම ගෙයක; ලොකු ගෙයක් නෙවෙයි ; ඒක පොල්ලතු පැළක්. අපේ ගෙදරින් තමයි ඔහුට කෑම ගෙනිහින් දෙන්නෙ .එහෙම යන වෙලාවට මට මේවගේ කථාන්තර කියනවා. මට මේ කතාව මතක් වුනේ කොරෝනා පටන් ගත්ත කාලෙමයි .

:       45       17

කුසුම්සිරි Thursday, 30 April 2020 12:13 AM

බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාව නොසිටින්නට අද ලංකාව ඇමරිකාවට වඩා අන්ත වෙලා. ලංකාව ඕස්ට්‍රේලියාව, නවසීලන්‍තය වගේ රටවල් තමන්ගේ හමුදාවල් සක්‍රීයව යොදවලා කොරෝනා පාලනය කරනවා. නමුත් ලංකාවේ විතරක් විපක්ෂය මේකට බාධා කරනවා. වෙනස ඒකයි.

:       43       2

බණ්ඩා Thursday, 30 April 2020 10:30 AM

නැතුව නැතුව. ඇයි ඇමෙරිකාවේ තියෙන්නේ මන්ද බුද්ධික අංශනේ. මේ සිරි ලංකාවේ විතරයි තියෙන්නේ ලෝකෙටම ගහන්න පුළුවන් අංශ. අනේ යනවා ඕයි යන්න, මෙතන ඇවිත් වහල්කම පෙන්වන්නේ නැතුව. දැන් ඇමෙරිකාවේ උන් හෝ ගාල මැරෙන්නේ එහෙ බුද්ධි අංශ වලට වැඩ බැරි හින්ද කියලා අපි හිතමුකෝ ඈ..ඒ කරලා අපි සතුටු වෙමු. සතුටු වෙලා කඩේ යමු.

:       0       1

නන්නාදුනන හාදයා Thursday, 30 April 2020 09:14 AM

මේවා තේරුම් ගන්න පුලුවන්ද? මේ කැබිනට් එකේ ඉන්න, රුහුණු කුමරියේ ගැහැණුන්ගේ චේන් කඩපු, ගස් බඩගාපු, හොර පොල් කඩපු...කුකුල් හොරුන්ට....?

:       0       95

විජිතමුණි Thursday, 30 April 2020 09:18 AM

අපේ රටේ ඉන්න සමහර දේසපාලුවොයි, අනාවැකි කාරයොයි, සාත්තර කරයොයි හිතාගෙන ඉන්නෙ උන් තරම් කරුණු කාරනා දන්න උදවිය වෙන නැහැ කියලා?

:       0       36

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 597 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 751 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 314 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site