
(අජිත්ලාල් ශාන්තඋදය )
කොරෝනා උවදුර හමුවේ 2020 වර්ෂයේ යළ මහ දෙකන්නයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පුරන් කුඹුරු අක්කර 5500ක් පමණ අස්වැද්දිමට කටයුතු කළ බව රත්නපුර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් ඩබ්.ජී.සී.බී. කුමාරි මහත්මිය පැවසුවාය.
රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දි පැවති රත්නපුර දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටව අමතමින් කුමාරි මහත්මිය මේ බව පැවසුවාය.
ගියවසරේ යල් කන්නයේදී කුඹුරු අක්කර 31,598ක් සහ මාස් කන්නේය දී කුඹුරු අක්කර 32,051ක් වගා කළ බවද නියෝජ්‍ය කොමසාරිස් ඩබ්.ජී.සී.බී. කුමාරි මහත්මිය පෙන්වා දුන්නාය. දෙකන්නය තුළදී රජයේ පොහොර සහනාධාරය යටතේ යුරියා, එම්ඕපී සහ ටී එස් පී පොහොර මෙට්‍රික් ටොන් 6290ක් නිකුත් කර ඇති බවද කීවාය.
ඒ අනුව යූරියා මෙට්‍රික් ටොන් 3885ක්ද, ටී එස් පී මෙට්‍රික්ටොන් 580ක් හා එම්ඕපී මෙට්‍රික්ටොන් 1,823ක් නිකුත් කර ඇති බවද නියෝජ්‍ය කොමසාරිස්වරිය පෙන්වා දුන්නාය.
ගිය වසරේ දී සෞභාග්‍යා ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කය තුල බීජ කට්ටල 84154ක් බෙදාදී ඇති බවද පෙන්වා දුන් ඇය 2021 වර්ෂයේ යල් කන්නයේ දී තවත් පුරන් කුඹුරු අක්කර 1500ක් වගාකිරිමට සැලසුම් කර ඇතැයි ද කීවාය.
ගියවසරේ මාස් කන්නයේ වගාවන් මේවනවිට පීදෙන තත්ත්වයක පවතී. වෙනත් වර්ෂවලට වඩා වැඩි වර්ෂාවක් සහ ආද්‍රතාව වැඩි කාලගුණ තත්ත්වයක් පැවතීම නිසා ඇතැම් කුඹුරුවලින් පළිබෝධහානි වැඩිපුර වාර්තාවිය.
කොළ හකුලුවන දළඹුවා, පුරුක් පණුවා, කොළපාලුව, මළකඩ විෂ වීම, ගොයම් මැස්සා ආදී පලිබෝධ හානිය මේ තත්ත්වය නිසා බොහෝ කුඹුරුවලට බලපෑම කර ඇත.


2025 දෙසැම්බර් මස 30
106
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කොරෝනා කාලේ රත්නපුරේ පුරන් කුඹුරු 5500 ක් අස්වද්දයි
gamini fonseka melbourne, australia Sunday, 24 January 2021 11:09 PM
අහන්න සතුටු පුවතක්...