IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට

(ඩයනා උදයංගනී)

කොරෝනා වයිරසය ආසාදනය වූ  පුද්ගලයින්ගේ  සංඛ්‍යාව  අද(17)  දිනයේදී  34 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ඇමැති පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

 අද වාර්තා වූ අසාදිතයින්ගේ  සංඛ්‍යාව  6 කි.

ශ්‍රී ලාංකික දෙවැනි ආසාදිත සංචාරක මග පෙන්වන්නාගේ  බිරිඳ, ජර්මනියේ සංචාරය කර පැමිණි පුද්ගලයෙක්, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයෙක්, කැලණියේ  පදිංචි පුද්ගලයෙක් ,මාරවිල පදිංචි පුද්ගලයෙක් සහ කටාර් සිට පැමිණි උඩුගම්පොළ පදිංචි 25 හැවිරිදි තරුණයෙක් අද  ආසාදිතයින් ලෙස වාර්තාවුවෝ අතර වෙති.

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරිම වැළැක්වෙන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවේදී  ඇය මේ බව ප්‍රකාශ කළාය.

(ඡායාරූප - ලහිරු හර්ෂණ) 

 

 



අදහස් (6)

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 34 දක්වා ඉහළට

ජයරත්න Tuesday, 17 March 2020 11:39 AM

සමහර අයව කඳවුරුවලට ගිනින් දාන්නත් අනිත් අය ගෙදර නිරෝධායනය වෙන්නත් හේතුව කුමක්ද? ඔය ගෙවල්වල ඉන්න අය ගෙදරම ඉන්නවා කියල විශ්වාසද? මිනිස්සු නොසන්සුන් වෙන්නේ මෙහෙම දෙවිධියකට වැඩ කරන කොටයි. ආණ්ඩුව තමන් බේරෙන්න ඉතාලි ශ්‍රමිකයන්ව බිල්ලට දෙන්න හදනවා. මිනිස්සුන්ව කොටවනවා. ඔය ඔක්කොම ආවේ කටුනායකින්. එකේ වගකීම ආණ්ඩුව භාර ගත යුතුයි.

:       0       0

Pusa Tuesday, 17 March 2020 11:57 AM

පවිත්‍රාදේවී වන්නිආරච්චි ට ජයවේවා. ඒයා දිනුවා.

:       0       0

Chathuri Tuesday, 17 March 2020 12:15 PM

දකින්න හැම කෙනාටම කොරෝන කියන්නේ නැතිව බලධාරින් ලෙඩේ ගැන හොඳට දැනුවත් වෙන්න , කිබුහුමක් ගියත් ඉවරයි රටට ඇතුල් වෙනකොට නොම්බරේ වැඩි කරන්න වෙහෙසෙන්නේ නැතිව අඩු කරන්න දැනුවත් වෙන්න.

:       0       0

Mama Tuesday, 17 March 2020 12:36 PM

සමාජ ශාලා සඳහා...?

:       0       0

Akila Tuesday, 17 March 2020 12:57 PM

ගුවන් තොටුපල වැහුවට විතරක් මදි , දැන් රට ඇතුලේ ව්‍යාප්තිය වෙන එක නවතන්න උත්සහ කරන්න.

:       0       0

රජින්ද Tuesday, 17 March 2020 01:11 PM

දැන්වත් මුළු රටම නිරෝධායනය කරන්න මිනිස්සු මැරෙනකන් බලන් ඉන්නේ නැතුව. රටක පාලකයින් මිනිස්සුන්ට ඉස්පිරිතාල වලට නොයන්නයි කටයුතු කල යුත්තේ වගවීම්සහගතව පාලනය කිරීම යනු සෙල්ලමක් නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site