IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට

කොරෝනා අසාදිත වු පුද්ගලයින් 6 දෙනකු අද(21) වාර්තා වී  ඇතැයි සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

එම  ආසාදිතයින්ගේ පස් දෙනකු කොලඹ 12 බණ්ඩාරනායක මාවතේ  පදිංචි නිරෝධායනට ලක්වෙමින් සිටි පිරිසගෙන් වන අතර අනෙක් පුද්ගලයා රත්නපුර ප්‍රදේශයේ කොරෝනා ආසාදිත වුවෙක් ළගින් ඇසුරු කළ අයෙකි.

ඒ අනුව මේ වන විට වාර්තා වූ මුළු ආසාදිතයින් ගණන 310 කි.

එසේම මේ වන විට ආසාදිත වී  ප්‍රතිකාර ලබමින් සිටින පිරිසගෙන් 100 දෙනකු රෝහල්වලින් පිටව ගොස් ඇතැයි අනිල්  ජා සිංහ මහතා  පැවසීය.



අදහස් (20)

කොරෝනා ආසාදිත සංඛ්‍යාව 310 දක්වා ඉහළට

siri Tuesday, 21 April 2020 01:01 PM

මාස දෙකෙන් චන්දයක් තියන්න හොදම වෙලාව ...

:       34       1371

pavithra Tuesday, 21 April 2020 06:15 PM

පවිත්‍රා දැක්කේ නෑ ගොඩ දවසකින්.කොරෝනා වලට බයේ හැංගිලා වගේ.

:       122       227

චීන කොලනිය Tuesday, 21 April 2020 09:16 PM

දැනටමත් බනින අමෙරිකාවෙන් හා චීනයෙන් තමන්ගේ කොලනියක් ලෙස (උගසට සින්න වුනු) ලැබුණු ඇති විශාල මුදල ඉතා සාර්ථකව බාවිතා කරන බව දැන් ඇස් පනාපිට අවබෝධ වී පවතී. එම මුදල් වලින් අත්‍යවශ්‍යම දෙයක් වන කොරෝන-19 සදහා පරීක්ෂණ කට්ටල ගෙන බවක් පෙනෙන්නට නැත. එසේ ගෙනවානම් එක දෙක කර බිලිත් ජයවීරගේ දෙරණ නාලිකාව හා රෙනෝගේ නාලිකාව මෙලහකට රට දෙවනත් කරමින් මාධ්‍ය සංදර්ශන කොරනු ඇත. දැන් පෙනෙන ආකාරයට රජය ජනතාව ගොනාට අන්දමින් අපේ ගිනි පොලි චීනාගෙන් හා අලිබබා අධිපති "ජැක් මා" විසින් නොමිලේ ලබාදුන් පරීක්ෂණ කට්ටල ගැන කෙසේවත් සැහීමකට පත්වියහැකි මට්ටමකින් කරමින් පිනට හම්බ වුනු එකෙන් කටයුතු කිරීමට පමණක් බලා සිටියි.

:       274       540

අල කරන් වැඩ කරන් Tuesday, 21 April 2020 09:22 PM

දැන් පෙනෙන ආකාරයට රජය ජනතාව ගොනාට අන්දමින් අපේ ගිනි පොලි චීනාගෙන් හා අලිබබා අධිපති විසින් නොමිලේ ලබාදුන් පරීක්ෂණ කට්ටල (ප්ච්ර් ටෙස්ටින් මචිනේ යන්ත්‍ර කීපයක් ඔවුන්ගේ සුක විහරණයට වෙන්කරගත්ත වගේ මිනුත් සැලකිය යුතු ප්‍රමාණයක් වෙන්කරගෙන තිබිය හැක) කෙසේවත් සැහීමකට පත්වියහැකි (රටේ රෝගීන් 189 හමුවන විට අප්‍රේල් 8 වනවිට ටෙස්ට් කර තිබුනේ 3293, දැන් 310ක් ඉන්න කොට අප්‍රේල් 21 වනවිට කර ඇත්තේ 6793) මට්ටමකින් කරමින් පිනට හම්බ වුනු එකෙන් ශේප් වීමට බලා සිටියි.

:       354       161

අල කරන් වැඩ කරන් Tuesday, 21 April 2020 09:35 PM

මෙවෙනකම් මන් කිවුව එකක්වත් වැරදිලා නැත - ඇදිරිනීතිය නීති විරෝධියන් සාමුහික නිරෝදයනය යනු බෝකිරීමක් බව - කොරෝන මර්දන බලකායට හමුදාපති පත්කිරීම. වියයුත්තේ ඒ සම්බන්ධ විද්වතකු පත් කිරීම.... යුද්ධයකට දක්ෂ වූ හමුදාවගේ කරට මෙම බර පැටවීම නිසා දෝෂදර්ශනය හමුදාව ට යොමුකර වැඩ බැරි ගොය්යන් බේරීම (හිටන් බෝම්බ සිද්ධියට කලෙත් මේකමයි ) - පොඩි ඉලක්කමක් තියාගෙන් උදන් ඇනීම මෝඩ චුන් එකක් බව - නියම පැතිරීම තවම පටන් ගෙන නැති බව - ටෙස්ටින් කිරීම ඉතාමත් පහත මට්ටමක බව අප්‍රේල් 8 වන විට 3248ක් වූ එය 21 වන විට 6793කි. - නොමිලේ ලැබුණු පරීක්ෂණ කට්ටල සෙමින් භාවිතා කරමින් ලැබුණු ආධාර "අප‍ වෙනුවෙන් අපි " ආධාර මෙන් සාර්ථකව ගැසීම....

:       490       328

අල කරන් වැඩ කරන් Tuesday, 21 April 2020 09:50 PM

ආණ්ඩුවේ අතිසාර්ථක කොරෝන මර්ධනය පෙන්නනුයේ සැබෑ ඉලක්කම් හා බොරු වීරයන්ගේ දර්ශන වලින් පෙන්නනුයේ, මෙච්චර කල් උදන් අනමින් විකුණපු යුද ජයග‍්‍රහණයේ සබැ නියමුවා "ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා " මහතා බවයි. තැන තැන කතා වුනු "හුළගට තරු ගැනපු " මාධ්‍ය සංදර්ශන කරුවන්ගේ හා අනුන් ලවා පොත් ලිය ගත්ත ගොබිලන්ගේ පම්පෝරි අනුන්ගේ දාඩිය මහන්සියේ පලයන් බවයි. හිටන් තමන්ගේ වාසියට අපසුගිය අවුරුද්දේ අප්‍රේල් 20 කල දෙයින් පොලිස්පති හා ආරක්ෂක ලේකම් එල්ලුම් ගස් යවා බේරුනි. මෙවර ගොටගේ හා මහින්දගේ චන්ද අමාරුව අප්‍රේල් 20 චන්දෙට දින නියම කිරීමේ පලවිපාක වලට ගස් යන්නේ මහින්ද දේශප්‍රිය හා හමුදාපති ශවේන්ද්‍ර සිල්වයි.

:       1022       422

මුණසිංහ Wednesday, 22 April 2020 12:49 AM

පාර්ලිමේන්තු මැතිවරණය තියන්න මේ තත්ත්වයේ ගැටලුවක් නැහැ. ගැටලුව තියෙන්නේ මහජන රැස්වීම් පැවැත්වීම. මොකටද රැස්වීම් තියන්නේ...? ඡන්දදායකයන් .තමන් ඡන්දය දිය යුත්තේ කාටද කියල තීරණය කරල ඉවරයි දැනටමත්. රැස්වීම් තියන්නේ දේශපාලකයින් මහජනතාවට අල්ලස් දීමට. රු.1000 බත් පැකටි එකටයි ඡන්දය දෙන අය දැන් නැහැ. ඒ නිසා රැස්වීම් නොපවත්වා ඡන්දය තියන්න. දින 2ක් තිබ්බත් කමක් නැහැ. නියම මහජන මතය ප්‍රකාශ වෙයි එතකොට....

:       242       263

athuraWednesday, 22 April 2020 05:03 AM

ඔහෙලා වගේ වහල්ලුන්ට ගැටළුවක් නැතුව ඇති. හැබැයි අපි වගේ රටට සේවය කරන අයට ගැටළුවක්.

:       45       71

මුණසිංහWednesday, 22 April 2020 06:13 AM

ඔව් ඔබ කියන දේ හරි. සජිත් හිතන්නේ ඔය විදියට ම තමා. පව්. ෙමානවා කරන්න ද?

:       15       19

raveeWednesday, 22 April 2020 07:13 AM

මොකක්ද හැබෑටම කරන සේවය.?

:       8       10

athuraWednesday, 22 April 2020 08:04 AM

මුණසිංහ මෙතන සජිත්ද කවුද කියන කතාව අදාල නැහැ මම මෙතන රටට සේවය කරන කියල අදහස් කරන්නේ දේශපාලනය කරනවා කියල නෙමෙයි. බුද්දියේ හැටියට තමයි තේරුම් ගැනීමේ ශක්තිය.

:       7       1

athuraWednesday, 22 April 2020 08:06 AM

රවී මම කරන සේවය ඔයාට දැනගන්නම ඕනද හැබැයි කුලියට කොමන්ට් කොටන එකනම් නෙමෙයි.

:       10       6

මුණසිංහWednesday, 22 April 2020 09:39 AM

රටට කුමන හෝ සේවයක් කරන අයට කරන්න බැරි දෙයක් නැහැ. ඔහොම හිතුවා නම් අද රෝහල්ගත වෙන්න වෙනවා...

:       1       1

athuraThursday, 23 April 2020 04:42 AM

මුණසිංහ, රටට සේවයකරන එකයි ඡන්දය තියන්න කියන එකයි දෙකක්. මේ වසංගතේ හරියට තුරන් කරලා ඡන්දය කවද තිබුනත් වැඩේ හරියට කලානම් ආණ්ඩුව දිනනවා. ඔයා බයයි ආණ්ඩුව මේක අනාගනී කියලා ඒකයි තදියම.

:       1       0

raveeThursday, 23 April 2020 06:40 AM

ඔයත් කියනවානම් තව මොනවද.?

:       0       1

Ruwan Wednesday, 22 April 2020 04:17 AM

ආධාර ලැබුණු වෙලේ චන්දේ තියලා ඒක් ඉවරයක් කරලා දාන එක හොදයි.

:       15       39

de silva Wednesday, 22 April 2020 05:59 AM

ඡන්දෙ තියන්න ජුනි 20 වෙනකම් ඉන්න අවශ්‍ය නැහැ , ලබන මාසේ 20 ඕක තිබ්බනම් ඉවරයි, බාර් වහලා තිබෙන්නේ මිනිස්සු බිල රණ්ඩු කරගන්න නිසා සහ මත්පැන් ශරීරයට අහිතකර නිසා , රජයේ කාර්යාල වහල තිබෙන්නේ නිලධාරීන් අල්ලස් ගන්න එක නවත්වන්න , රට දැන් සාමාන්‍ය තත්වයට පත් වුන නිසා ඡන්දෙ ඉක්මනටම තියාගන්න ඕනේ .

:       0       3

අමිල Wednesday, 22 April 2020 06:04 AM

බොහෝ දෙනා කොරොනා ප්‍රශ්නය දෙස තම තමන්ගේ දේශපාලන අදහස් අනුව බලන බව පේනවා. ආණ්ඩුවට හිතවත් අය ඉක්මනින් මැතිවරණයක් තැබුවහොත් තමුන්ට පාර්ලිමේන්තු වේ වැඩි බලයක් ලබා ගන්න පුලුවන් කියා හිතනවා. විරුද්ධ පක්ෂ ප්‍රමාද වී පවත්වන මැතිවරණයක් මගින් තමන්ට වැඩි වාසියක් ඇති වේ යැයි කල්පනා කරනවා. මේ වන විට ලෝක ආර්ථිකය කඩා වැටීමකට ලක් වී ඇති අතර ශ්‍රී ලංකාව ද විශාල ආර්ථික පසුබෑමකට ලක්වනු ඇත. විරුද්ධ පක්ෂ එලෙස ආර්ථික පසුබෑම සිදුවූයේ රජයේ වරදින් බව පවසා එහි වාසිය ලබා ගැනීමට අපේක්ෂා කරයි. අනෙක් අතට රජයද මෙම තත්ත්වය ඇති වීමට පෙර නැත්නම් රජයේ ජනප්‍රිය භාවය අඩු වීමට පෙර මැතිවරණ ය ජය ගැනීමට සැලසුම් කරන බව පෙනේ. මෙය දේශපාලන ක්‍රීඩා කිරීමේ අවස්ථාව ක් නොවේ.

:       0       14

Anura Wednesday, 22 April 2020 06:15 AM

ආණ්ඩුව මුල ඉඳලම ඉතා වැදගත් එත් භයානක දෙයක් අමතක කලා , ඒතමයි මෙ ලෙඩේ සැදුනු 25% පමණ පුද්ගලයන්ගේ කිසිම බාහිර රෝග ලක්ෂණයක් නොපෙන්වන බව එත් මේ රෝගය වැඩිපුරම පතුරුවන්නේ ඔවුන් බවත්

:       0       3

de silva Wednesday, 22 April 2020 03:22 PM

අමිල දේශපාලන වාසි කෙසේවෙතත්, පසුගිය දින කීපයේ දිනපතා හමුවන රෝගීන් සංඛ්‍යාව සන්සන්ධනය කරලා බලනකොට හොඳින්ම පැහැදිලි වෙනවා මැතිවරණයක් තිබුනොත් එහි ප්‍රචාරක කටයුතු ආදිය කරන කොට අනිවාර්යයෙන්ම කොරෝන රටේ පැතිරෙන්නේ පුළුවන් බව සහ රටේ මේ වෙනකොටත් කඩින් කඩ ඇදිරි නිතිය පැවැත්වෙනවා , රට කිසිම ලෙසකින් සාමාන්‍ය තත්වයකට පත්වී නොමැත...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

උතුරෙන් හමුවූ රන් බඩු ගැන විමර්ශන නියෝගයක්
2025 මැයි මස 05 0 0

මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා යුද හමුදාව මගින් අත්අඩංගුවට ගන්නා ලද රන් භාණ්ඩ දස දහසකට අධික සංඛ්‍යාවකින් සමන්විත රත්තරන් තොගය සම්බන්ධයෙන් ඉදිරි විමර


කළුතර හොරණ පාර නාගස් හන්දියෙන් වහයි
2025 මැයි මස 05 1266 0

කළුතර ඡන්ද පෙට්ටි බෙදා හැරීමේ මධ්‍යස්ථානය පිහිටී තිස්ස ජාතික පාසලේ ඇතිව තිබෙන තදබදය හේතුවෙන් කළුතර හොරණ මාර්ගය නාගස් හන්දිය ගාලු පාරෙන් වසා දැමීමට ක


ජනපතිගෙන් හෝ චි මිං සොහොනට පුෂ්පෝපහාර
2025 මැයි මස 05 324 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ හැනොයි හි යුද විරු ස්මාරකය වෙත ගොස් පුෂ්පෝපහාර දැක්වීය.


රේගු වංචා කරන පුද්ගලයන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධ කරයි
2025 මැයි මස 05 744 3

රේගු වංචා අවම කර බදු නිවැරදිව අය කරගැනීමට සහ රේගුව කරගෙන යන නවතම ක්‍රියාමාර්ගවල පියවරක් වශයෙන් රේගු නීති උල්ලංඝනය කර බදු වංචා කරන ආයතන හා පුද්ගලයන්ගේ


විදෙස් චිත්‍රපටවලට ට්‍රම්ප්ගෙන් බදු
2025 මැයි මස 05 569 1

විදෙස් චිත්‍රපට, හොලිවුඩ් චිත්‍රපටවලට අභියෝගයක් වී ඇති බැවින්, සහ හොලිවුඩ් සිනමා කර්මාන්තය කඩා වැටීමකට ලක් වී ඇති බැවින්, විදෙස් චිත්‍රපට සඳහා සියයට 100


කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථාන නිලධාරීන් අපහසුතාවයට
2025 මැයි මස 05 1425 1

කළුතර ඡන්ද පෙට්ටි බෙදාහැරීමේ මධ්‍යස්ථානය පිහිටී කළුතර තිස්ස ජාතික පාසලේ ප්‍රමාණවත් පරිදි කූඩාරම් ඉදිකර නොතිබීම සහ අසුන් පනවා නොතිබීම හේතුවෙන් පැමි


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 689 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 178 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1211 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site