(නිමන්ති රණසිංහ)
රාගම රෝහලේ සේවය කළ වෛද්‍යවරයකු කොවිඩ් ආසාදිතව එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) උදෑසන මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රාගම රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය ඒකකයේ සේවය කළ මොහොමඩ් ජනන් නමැති 34 හැවිරිදි වියේ පසුවූ වෛද්‍යවරයෙකි.
කොවිඩ් රෝගය වැළැදුන මෙම වෛද්‍යවරයා රාගම රෝහලේ කොවිඩ් වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර රෝගය උත්සන්න වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර සති දෙකක පමණ කාලයක් එහි ප්‍රතිකාර ලබමින් සිට ඇති බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.
දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම වෛද්‍යවරයා රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අද (18) උදෑසන මියගොස් ඇති අතර ඔහු කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා නොගත් අයෙක් බවටද වාර්තා වී ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කොරෝනා ආසාදිත වූ වෛද්‍යවරයකු මරුට
saman Wednesday, 18 August 2021 01:53 PM
පව්, එන්නතක් එනකම් බලන් ඉන්න ඇති...
lakvidu Wednesday, 18 August 2021 07:14 PM
දන්නා පරිදි ඔහු එන්නත් ගැනීම ප්‍රතික්ෂේප කළ අයෙක්...!!!
janahitha UAE Wednesday, 18 August 2021 02:55 PM
මෙම එන්නත පළමුව ලබාදුන්නේ අදාළ රෝහල් හෙද හෙදියන්ට... ජනතාවනි, දේශපාලන භේද දුරලා දේශපාලකයන් නොසලකා වහාම නගර, කඩ, සාප්පු වසාදමන්න. නිවසේ සිටින්න. පැතිරීම වහා නවතිනු ඇත. මුදල් ගැනම සිතන අය පමණක් කඩ, සාප්පු, ව්‍යාපාර පවත්වාගෙන යන්න. ඔවුන්ගේ ආරක්ෂාව ඔවුන් විසින්ම සලසා ගනු ඇත.
rangi Wednesday, 18 August 2021 04:44 PM
අහිංසක දොස්තර මහතුන්ගේ ජීවිත අහිමිවෙනවා. GMO එක දේශපාලනේ කරනවා..