(ගයාන් සුරියආරච්චි සහ සුසිල් ප්‍රියන්ත)
කිසියම් අපරාධයකට සැරසෙමින් සිටි සංවිධානාත්මක අපරාධකුවකු වන කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෝ තිදෙනෙක් ස්වයංක්‍රීය පිස්තෝල අවියක්, කඩු 03 ක්, හෙරොයින් හා ගංජා සමග පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හික්කඩුව, රනාල හා ගාල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29,33,45 පසුවන පුද්ගලයන් තිදෙනෙකි.
එහිදී කිසියම් අපරාධයක් සිදුකිරීමට සදහා සැකකරුවන් සන්තකයේ තබාගෙන සිටි ඉතාලියේ නිෂ්පාදිත මිලිමීටර් 9 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝල අවියක්, මැගසින් 01 ක්, කඩු 03 ක්, හෑස් ඔයිල් ග්‍රෑම් 36 යි මිලි ග්‍රෑම් 10ක්, වියළි ගංජා ග්‍රෑම් 205 ක්, හෙරොයින් ග්‍රෑම් 16 මිලි ග්‍රෑම් 120 ක් සමග ජංගම දුරකථන 04 ක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය භාරයට ගෙන ඇත.
මෙම සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත්තේ මොවුන් සංවිධානාත්මක අපරාධකුවෙකු වන කරන්දෙණියේ සුද්දා යන අයගේ ගෝලයන් බවය.
මෙහි එක් සැකකරුවෙකු 2014 වර්ෂයේදී පෑනක් හැඩයට සකස්කරන ලද පිස්තෝල ගිණි අවියක් සහිතවද, 2020 වර්ෂයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02ක් සන්තකයේ තබා ගැනීමේ වරදට ද, 2022 වර්ෂයේ කටස් වර්ගයේ පිස්තෝල අවි 02 ක් සන්තකයේ තබාගැනීමේ වරදටද වරදකරුවී ඇති අතර ඔහු මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන පුද්ගයෙකු බවටද තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් දෙවන සැකකරු 2013 වර්ෂයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද, මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව මහා අධිකරණ නඩු 05ක් සම්බන්ධව විභාග වන බවට ද, තුන්වන සැකකරු කපුවෙකු ලෙස කටයුතු කරන බවටත් පුරා වස්තු කැණීම් කටයුතු සඳහා මන්තර ගුරුකම් කරන පුද්ගයෙකු බවටත් තොරතුරු අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා ගෝනපීනුවල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කරන්දෙණියේ සුද්දාගේ ගෝලයෝ තුනක් මාට්ටු