( රේඛා තරංගනී ෆොන්සේකා)
කරදියාන කුණු කන්දට මිශ්‍ර සහ අවශේෂ කසළ බැහැර කිරීමට නොහැකි වන ලෙස බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් අද (01 ) සිට පනවා තිබූ තහනම දින කිහිපයකට අතිහිටුවමින් සීමා සහිතව කසළ බාර ගැනීමට පියවර ගත්බව අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මාන්නප්පෙරුම මහතා පැවසීය.
පළාත් පාලන ආයතන හතකට ක්‍රියාත්මකවන පරිදි මෙම තහනම පනවා තිබිණි.
පළාත් පාලන බල ප්‍රදේශ 7 ක ජීවත්වන මිලියනයක පමණ ජනතාව අපහසුතාවයට පත්වන අයුරින් කටයුතු කළ නොහැකි බව ඔහු පැවසීය.
ඒ අනුව බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමණාකරණ අධිකාරි සභාපතිවරයා වන චමිල හේරත් මහතාගේ උපදෙස් මත පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කරන බව සඳහන් කළ ඒ මහතා අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමෙන් ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සැලසුම් ක්‍රියාත්මක කරන බවද පැවසීය
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කරදියානට කසළ බැහැරකිරීමේ තහනම තාවකාලිකව ඉවතට
amila Tuesday, 01 September 2020 07:59 AM
මේ ආණ්ඩුවේත් කසල ප්‍රතිචක්‍රීකරණ වැඩපිළිවෙළක් ගෙනාවොත් හොඳයි.
dandiya Tuesday, 01 September 2020 07:04 PM
ඇයි මේ කුණු කන්ද තෝරලා බේරලා සල්ලි බවටපරිවර්තනය නොකරන්නේ? අද ලෝකයේ කුණු කියන්නේ සල්ලි..