( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා හා මාතෘ ඒකකයේ වෛද්‍යවරයකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රෝහලේ සමස්ථ වෛද්‍ය කාර්ය මණ්ඩලයම අද ( 11) සිය සේවා වලින් ඉවත් වූහ.
මෙම වර්ජනය හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර මෙන්ම සායනික වෛද්‍ය ප්‍රතිකාර සේවාවන්ද සම්පූර්ණයෙන්ම ඇන හිටීමෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීහු විශාල පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව සිටියහ.
රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තම ගැබිනි පෙම්වතියගේ දරු කළලය ඉවත් කර දෙන ලෙසට බල කරමින් මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු පසුගිය 8 වන දින ළමා හා මාතෘ ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරයෙකුට පහරදී ඇති බව පැවසේ.
මෙම සිද්ධියෙන් පසුව ප්‍රදේශය අතහැර පලා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මේවනවිට පොලිස් කණ්ඩායම් කීපයක්ම යොදවා ඇති බව වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
කුරුූණෑගල රෝහල හදිසියේ ලෙඩවෙති