IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුරුණෑගල රෝහලේ රුධිර කාන්දු ඒකකයට සීල්

(පුෂ්පකුමාර ජයරත්න)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගින් සඳහා ක්‍රියාත්මක රුධිර කාන්දුකරණ ඒකකයට යම් විෂබීජයක් ඇතුළු වීම හේතුවෙන්  රෝගීන් පිරිසක් මරණයට පත් වීම සැලකිල්ලට ගෙන එම ඒකකක තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.  

මේ සඳහා බලපා ඇති හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර මේ වන විටද සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

සතියක පමණ කාලයක රුධිර කාන්දුකරණය සඳහා ඇතුළත්ව සිටි රෝගීන් මිය යාමට පටන්ගෙන ඇති බවද මේවනවිට රෝගීන් පස් දෙනකුට වැඩි පිරිසක් රුධිර කාන්දුකරණ ක්‍රියාවලියේදී මරණයට පත්ව ඇති බවද වාර්තාවේ.

මරණ සංඛ්‍යාව මීට වඩා ඉහළ මට්ටමක පවතින බව රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම මරණ සඳහා රුධිර කාන්දුකරණය සඳහා ලබා දෙන රසායනික ද්‍රව්‍යයක බලපෑමක් ඇති බවට රෝහලේ රසායන නිලධාරීන් සැක පහළ කරති.

රුධිර කාන්දුකරණයෙන් අනතුරුව රුධිර මට්ටම පහළ වැටීමෙන් මෙම මරණ සිදුව ඇති බව පැවසේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් අද (24) කුරුණෑගලට පැමිණීමට නියමිතය.

 



අදහස් (1)

කුරුණෑගල රෝහලේ රුධිර කාන්දු ඒකකයට සීල්

නිහාල් Sunday, 25 February 2024 04:00 PM

රතු සායම් බෙහෙත් දෙවැනි කොටස.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 127 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 753 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site